ඉන්දීය අගමැති කාර්යාලය පැවසූයේ නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් සමග ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා දුරකථන සංවාදයක නිරත වූ බවයි. එහිදී දෙරටේ නායකයන් දේශගුණ මූල්‍ය පිළිබඳ නව මුල පිරීම් සාකච්ඡා කර ඇත.

ඉන්දීය අගමැති කාර්යාලය පැවසූයේ නායකයින් විසින් අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු හා සංවර්ධනය වෙමින් පවතින රටවල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා දේශගුණික මූල්‍ය බලමුලු ගැන්වීමේ මුලපිරීම් පිළිබඳව සාකච්ඡා කළ බවයි.

මෙම දුරකථන සංවාදයේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා කාලෝචිත සහ සාධාරණ දේශගුණික මූල්‍ය පහසුකම් සහතික කිරීමේ වැදගත්කම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේය. මෙම කාර්ය භාරයේදී ඉන්දියාවේ කැපවීම ඔහු නෝර්වීජියානු අගමැති සමග බෙදා ගත්තේය

හරිත හයිඩ්‍රජන්, නැව්ගත කිරීම, විද්‍යාව සහ තාක්‍ෂණය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල වැඩිවන ඉන්දියා-නෝර්වේ සහයෝගීතාව පිළිබඳ දෙරට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව නායකයන් දෙදෙනා කරුණු බෙදා ගත්තේය. ඉන්දීය අගමැති කාර්යාලය වැඩිදුරටත් පැවසූයේ නිල් ආර්ථිකය පිළිබඳ කාර්ය සාධක බලකාය ඇතුළු විවිධ ද්විපාර්ශ්වික සහයෝගීතා මුලපිරීම් වල ප්‍රගතිය නායකයන් දෙදෙනා සමාලෝචනය කළ බවයි.

මෙම හමුව පිළිබඳව ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසූයේ දේශගුණික මූල්‍යකරණයේ නව මුල පිරීම් සහ දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කරමින් නෝර්වීජියානු අගමැති ජෝනාස් ගාර් සමඟ ඵලදායී සංවාදයක් දුරකථන මාර්ගයෙන් පැවැත් වූ බවයි.

නෝර්වේ-ඉන්දියාව ද්විපාර්ශ්වික අංශ හරහා වෙළඳාම,බලශක්ති, දේශගුණය, ආයෝජන සහ නිල් ආර්ථිකය යන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරටේ සහයෝගීතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරුන් වන ජෝනාස් ගාර් ස්ටෝර් සහ නරේන්ද්‍ර මෝදි සිය අඛණ්ඩ සංවාදයේදී සාකච්ඡා කළ බව නෝර්වීජියානු අග්‍රාමාත්‍ය කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

මේ වසරේ මැයි මාසයේ පැවති 2 වැනි ඉන්දියා-නෝර්ඩික් සමුළුවට සමගාමීව කෝපන්හේගන් නුවරදී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා මුණගැසී ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසූයේ පුනර්ජනනීය බලශක්තිය, හරිත හයිඩ්‍රජන්, සූර්ය සහ සුළං ව්‍යාපෘති, හරිත නාවික, ධීවර, ජල කළමනාකරණය, වැසි ජලය රැස් කිරීම, අභ්‍යවකාශ සහයෝගිතාව, දිගුකාලීන යටිතල පහසුකම්,නිල් ආර්ථිකය,ආයෝජන, සෞඛ්‍ය හා සංස්කෘතිය වැනි ක්ෂේත්‍රවල නියැලීම පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කළ බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්