ඉන්දියා-එක්සත් රාජධානි නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි:ඉන්දීය වාණිජ ලේකම්

Spread the love

ඉන්දීය වාණිජ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා අගෝස්තු 31 වන විට අවසන් වනු ඇති බවයි.

එක්සත් රාජධානියේ බලයේ සිටින පක්ෂය කුමක් වුවත්, ඉන්දියාව සමඟ මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ තර්කය ආපසු හැරවිය නොහැකි ය,” සුබ්‍රමනියම් වැඩිදුරටත් පැවසීය.දෙපාර්ශවයේම අභ්‍යන්තර අනුමැතියෙන් පසු ගිවිසුම අත්සන් කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුයේ එක්සත් රාජධානිය සමඟ අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සහ සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මෙම අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ ස්ථිර ලේකම්, ජේම්ස් බෝලර් සහ ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පැවසූයේ .නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමේ ප්‍රගතිය පිළිබඳව ද ඉන්දීය වාණිජ ලේකම් විමසා බැලූ බවයි.

එක්සත් රාජධානිය 2021 මැයි 4 වන දින වෙළඳ විභවය මුදා හැරීම සඳහා වෙළඳ හවුල්කාරිත්වය දියත් කරන ලදී.මෙහි අරමුණ වූයේ 2030 වන විට වෙළඳාම දෙගුණ කිරීම සහ ප්‍රධාන අංශවල වෙළඳාම සඳහා වෙළඳපල බාධක අඩු කිරීමයි.

ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන 5 වන සාකච්ඡා වටය මේ වන විට නවදිල්ලියේ පැවැත්වෙමින් තිබේ.

දෙපාර්ශවයම 2022 ජනවාරි 13 වන දින නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කළේය.

ඉන්දියාව සහ එක්සත් රාජධානිය යෝජිත නිදහස් වෙළද පිළිබඳ සිව්වන වටයේ සාකච්ඡා ජුනි පැවැත්විණ.ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 20ක් ආවරණය වන පරිදි වෙන වෙනම සැසි 71කදී සාකච්ඡා සඳහා දෙපාර්ශවයේම තාක්ෂණික විශේෂඥයින් එක් විය” යනුවෙන් එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ප්‍රතිඵල ප්‍රකාශයේ සඳහන් කොට ඇතැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts