ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර්, විදේශ ගමන් බලපත්‍ර, වීසා සහ විදේශ ඉන්දියානු කටයුතු පිළිබඳ ලේකම් අවුසාෆ් සයීඩ් ලෙබනනයේ දෙදින නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී ඔහු ඉන්දියාව සහ ලෙබනනය අතර වෙළඳාම ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර්, විදේශ ගමන් බලපත්‍ර, වීසා සහ විදේශ ඉන්දියානු කටයුතු පිළිබඳ ලේකම්වරයා සඳුදා සහ අඟහරුවාදා ලෙබනනයේ සංචාරයක නිරත විය. ඔහු ඉරිදා සිරියාව බලා පිටත් විය.

මෙම සංචාරය අතර තුරදී ඔහු ලෙබනනයේ විදේශ කටයුතු සහ විගමන අමාත්‍ය අබ්දල්ලා බූ හබීබ් හමු විය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු රාශියක් පිළිබදව හා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන වෙනත් මාතෘකා පිළිබඳව ද සාකච්ඡා කළේය.එමෙන්ම ඔහු ලෙබනන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් හනී චෙමයිටෙලි ද හමුවිය.

මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී දෙපාර්ශ්වයම වෙළඳාම, අන්තර් පුද්ගල සම්බන්ධතා,වෘත්තීය පුහුණුව ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර්, විදේශ ගමන් බලපත්‍ර, වීසා සහ විදේශ ඉන්දියානු කටයුතු පිළිබඳ ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විගමන අමාත්‍යාංශය සහ බීරූට් ආණ්ඩුකාරවරයා සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි පරිත්‍යාග කරන ලදී. ඉන්දියාවේ ද්විපාර්ශ්වික ආධාරයේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කරණ ලදී. මෙම අවස්ථාවේදී ලෙබනනයේ කෘත්‍රිම පාද සවි කිරීමේ කඳවුරක් (ජයිපූර් පාද කඳවුර) ළඟදීම සංවිධානය කරන බවද ඔහු නිවේදනය කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ආහාර සහ කෘෂි ව්‍යාපාර, ඖෂධ, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, සූර්ය බැටරි සහ කුඩා වාහන ඇතුළු වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් හඳුනාගෙන ඇති බවයි. සිය ලෙබනන සංචාරයේදී එරට කර්මාන්ත අමාත්‍ය ජෝර්ජ් බුචේකියන් සමඟ ඉන්දීය ලේකම්වරයා ඉහළ මට්ටමේ ව්‍යාපාරික සම්මන්ත්‍රණයකට සහභාගී විය.

ඉන්දියානු බලඇණිය විසින් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය ඉටු කරන ලද ධනාත්මක කාර්යභාරය ලෙබනන් පාර්ශ්වය ද අගය කරන ලදී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර්, විදේශ ගමන් බලපත්‍ර, වීසා සහ විදේශ ඉන්දියානු කටයුතු පිළිබඳ ලේකම්ගේ ලෙබනනයේ සංචාරය මගින් අනාගතයේදී, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා මග පාදනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්