ඉන්දියාව සහ ඉතාලිය කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව සාකච්ඡා පවත්වයි

Spread the love

ඉතාලියේ රෝමයේ පැවති ඉන්දියා-ඉතාලි විදේශ කාර්යාල උපදේශන 8 වැනි සැසියේදී ඉන්දියාව සහ ඉතාලිය ද්විපාර්ශ්වික සබඳතාවල සමාලෝචනය කළේය. එහිදි අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කළහ.

දෙපාර්ශ්වයම දේශපාලන, වෙළඳ සහ ආර්ථික, ආරක්ෂක, විද්‍යා සහ තාක්ෂණ, බලශක්ති, සෞඛ්‍ය, කොන්සියුලර් සහ සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගිතාව සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පවසයි.

පුළුල් පරාසයක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් තීව්‍ර කිරීම සඳහා දෙපාර්ශ්වයේ කැපවීම හේතුවෙන් ද්විපාර්ශ්වික සබඳතාවල නව ප්‍රගතිය පිළිබඳව ඔවුන් තෘප්තිමත් වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

2020 නොවැම්බරයේ පැවති මාර්ගගත අතථ්‍ය සමුළුවේදී එකඟ වූ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය ඔවුන් විසින් ඇගයීමට ලක් කරන ලදී. 2021 ඔක්තෝම්බර් මාසයේදී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් දියත් කරන ලද බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ උපායමාර්ගික හවුල්කාරිත්වය බහුවිධ සබඳතා පුළුල් කිරීම සඳහා නැවුම් අවස්ථාවන් ලබා දෙන බව ඔවුහු පිළිගත්හ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම මුල පිරීම් ඉන්දියානු-ඉතාලි සබඳතාවලට නව ජවයක් එක් කර ඇත.

දෙපාර්ශ්වයම ඉන්දියා-යුරෝපා සංගම් සබඳතා පිළිබඳව ද සාකච්ඡා කළේය.ඉන්දියා-යුරෝපා සංගමයේ නිදහස් වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එකඟ වූ බව එම නිවේදනයේ දැක්වේ.

යුරෝපා සංගමයේ ඉන්දු-පැසිෆික් මාර්ගෝපදේශ සහ ඉන්දියා-යුරෝපා සංගම් සම්බන්ධතා හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාලියේ උනන්දුව ඉන්දියාව සාදරයෙන් පිළිගත් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ද්විපාර්ශ්විකව සහ කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භය තුළ උපදේශන සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කරන ලදී.

ඉන්දීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ (බටහිර කටයුතු භාර)ලේකම් රීනාත් සන්දු විසින් මෙහෙයවන ලද අතර ඉතාලි දූත පිරිස ඉතාලි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගෝලීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලූකා සබ්බටුචි(Luca Sabbatucci) විසින් මෙහෙයවන ලදී.

නව දිල්ලියේ දී අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක මීළඟ උපදේශන පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ විය.අවසන් විදේශ කාර්යාල උපදේශන සැසිය 2019 වර්ෂයේ නවදිල්ලියේදී පැවැත්විණි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts