ඉන්දියාවේ නැගී එන පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා විශාල වෙළඳපොළක් ඇත: ජී-7 සමුළුවේදී ඉන්දීය අගමැති මෝදි පවසයි.

Spread the love

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජී-7 සමුළුව අමතමින් පැවසූයේ පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ මතුවෙමින් පවතින බවයි. ඔහු ජී-7 රටවලට ආරාධනා කළේ මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන සඳහා ඉන්දියාවේ ආයෝජන ආරම්භ කරන ලෙසයි.

ජී-7 සමුළුවේ ‘වඩා හොඳ අනාගතයක් සඳහා ආයෝජනය: දේශගුණය, බලශක්තිය, සෞඛ්‍යය’ යන සැසියේදී මෝදි පැවසූයේ ලෝකයටම දැරිය හැකි පිරිවැයකට මහා පරිමාණයෙන් තාක්ෂණය ලබා දීමට ඉන්දියාවට ශක්‍යතාව පවතින බවයි.

සිය අදහස් දැක්වීමේදී අගමැති මෝදි සඳහන් කළේ ගෝලීය කාබන් විමෝචනය සඳහා ඉන්දියාවේ දායකත්වය 5% ක් පමණක් බවයි. සියලු දෙනාටම බලශක්තිය සඳහා එක හා සමාන අයිතිවාසිකමක් ඇති බව ඔහු තර්ක කළේය. එම නිසා බලශක්ති ප්‍රවේශය ධනවතුන්ගේ පමණක් වරප්‍රසාදයක් නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය

භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් බලශක්ති පිරිවැය අහස උසට නැඟුණු විට මෙය මතක තබා ගත යුතු වැදගත් කරුණක් බව ඔහු පැවසීය.

ඉන්දීය රජය LED බල්බ සහ පිරිසිදු ආහාර පිසීමේ ගෑස් ඉන්දියාවේ සෑම කුටුම්බයටම ලබාදුන් බව අගමැති මෝදි පැවසීය. විශේෂයෙන්ම ග්‍රාමීය දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාව ඉලක්ක කරගෙන බල ශක්තිය තහවුරු කර ඇති අතර කාබන් විමෝචනය මගින් ටොන් මිලියන ගණනක් ඉතිරි කර ඇති බව ද පැවසීය.

දේශගුණික වගකීම් සම්බන්ධයෙන් කරනු දක්වමින් ඉන්දියාවේ කාර්ය සාධනය ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය මෝදි මෙසේ කරුණු ගෙනහැර දැක්වීය

* ඉන්දියානව පොසිල නොවන ප්‍රභවයන්ගෙන් 40%ක බලශක්ති ධාරිතාවේ ඉලක්කයට වසර 9කට පෙර ළඟාවීම

* මාස 5කට පෙර පෙට්‍රල්වල සියයට 10ක එතනෝල් මිශ්‍ර කිරීමේ ඉලක්කය සපුරා ඇත.

* ලොව ප්‍රථම පූර්ණ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් තොටුපළ ඉන්දියාව සතු වේ.

* ඉන්දියාවේ දැවැන්ත දුම්රිය පද්ධතිය මෙම දශකය තුළ ශුද්ධ බිංදුව බවට පත්වේ.

ඉන්දියාව එක් ලෝකයක්, එක් සෞඛ්‍යයක් යන ප්‍රවේශය අනුගමනය කළ බව අගමැති මෝදි විස්තර කර දුන්නේය. වසංගත සමයේදී සෞඛ්‍ය අංශය ප්‍රවර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ඉන්දියාව නිර්මාණාත්මක ක්‍රම ලෝකය වෙත ඉදිරිපත් කළේය. මෙම නවෝත්පාදනයන් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෙන යාමට ඉන්දියාවට උදව් කරන ලෙස ඔහු ජී-7 රටවලින් ඉල්ලා සිටියේය

ලෝක සෞඛ්‍ය සංවිධානය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා ගෝලීය මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී එහි කේන්ද්‍රස්ථානය ලෙස ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව තමා කෘතඥ වන බව අගමැති මෝදි පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts