ඉන්දියානු යූරියා බෙදා හැරීම අද සිට

Spread the love

ඉන්දීය රජය විසින් සපයනු ලබන යූරියා පොහොර තොගය බෙදා හැරීම අද (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසූ බවට ප්‍රසිද්ධ මාධ්‍ය වාරතා කරයි. පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති අතර දින 10ක් ඇතුළත බෙදාහැරීම අවසන් කරන බවයි එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.

එම පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඊයේ (11) සිදු කෙරුනු අතර එය නිසි ප්‍රමිතියෙන් යුක්ත බව තහවුරු කර වෙළඳ සහතිකය ද නිකුත් කර ඇති බවට වාර්තා වේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන ලොකුහේවගේ මහතාගේ උපදෙස් පරිදි යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් ගොවීන්ට රුපියල් 10,000 ක මුදලකට ලබාදීමට උපදෙස් දී ඇති බවට වාර්තා වෙයි.

RSL

Related Posts