ඇමති පිල හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික පිලට පරදියි

Spread the love

දකුණේ සංචාරයකට නිරතවී සිටින පුනරුත්ථාපනය වන හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජික පිල හා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ පිල අතර මාතර සනත් ජයසුරිය ක‍්‍රිඩාංගනයේ දී ඊයේ (10 සැප්.) පැවැති සැහැල්ලු පන්දු සුහද ක‍්‍රිකට් තරගයෙන් ආගන්තුක කණ්ඩායම විකට් 9ක විශිෂ්ට ජයක් වාර්තා කෙළේය.

ඇමැති පිලට හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා නායකත්වය ලබාදුන් අතර බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ද එම කණ්ඩායම නියෝජනය කළේය. මෙහිදී ලකුණු 15ක් ලබා සිටි සනත් ජයසූරිය, යාපනයේ නවරත්නම් නවදීපන් විසින් දවා ගැනිණි.

උතුරේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල දී පුනරුත්ථාපනය කරන ලද අභ්‍යාසලාභීන් හා දකුණේ ජනතාව අතර සුහදතාවය, සහජීවනය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන” තල් රුප්පාවෙන් – පොල් රුප්පාවට” මිත්‍රත්ව චාරිකාවේ එක් අංගයක් ලෙස මෙම ක්‍රිකට් තරගය සංවිධානය කර තිබිණි.

RSL

Related Posts