ලෝක ප්‍රකට අමෙරිකානු පරිඝණක සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදන බහුජාතික සමාගමක්වන ඇපල්හි නිර්මාතෘවරයෙකු සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු වන ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත විය.
මියයන තෙක් ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම සමාගමේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 65.23කි. ඒජනසි වාර්තාවලට අනුව 2011 වර්ෂය වනවිට ස්ටීව් ජොබ්ස්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලයන 8.3කි.
වසර ගණනාවක් පුරා පිළිකාවකින් පීඩා විඳි ඔහු මිය යනවිට 56හැවිරිදි වියේ පසුවිය.
- Monday
- May 19th, 2025