![](https://s.readsrilanka.com/wp-content/uploads/2021/07/dr-asela-a-790x474.jpg)
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අද (18) නිකුත් කර තිබෙනවා.
මෙම නව මාර්ගෝපදේශ අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බවයි එහි සදහන් වන්නේ.
නව මාර්ගෝපදේශ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් අතර රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ.
- සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබෙන අතර සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 25%කට පමණයි.
- සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමීමට නියෝග කර ඇති අතර කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්රීඩාගාර අද සිට වසා දැමීමට නියම කර තිබෙනවා.
- ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වන අතර පිහිනුම් තටාක හා ස්පා අද දින සිට වසා දැමීමට නියෝග කර තිබෙනවා.
- හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 25%කට පමණක් බවයි අදාළ මාර්ගෝපදේශවල වැඩි දුරටත් සදහන් වන්නේ.
- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ පහත දැක්වෙනවා.
![](https://lankaepress.com/wp-content/uploads/2021/08/1.jpg)
![](https://lankaepress.com/wp-content/uploads/2021/08/2.jpg)
![](https://lankaepress.com/wp-content/uploads/2021/08/3.jpg)
![](https://lankaepress.com/wp-content/uploads/2021/08/4.jpg)