දෙවන ඉනිමේ රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට දෙයියන්ගේ හාල් කවන හැටි

Spread the love

පසුගිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු සමයේ සහල් මිල මනාව පාලනය කරමින් රුපියල් 55 ත් රුපියල් 95 ත් අතර මිල ගණන් යටතේ සහල් මිල පවත්වාගෙන ගියද වත්මන් ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය හමුවේ මේ වන විට වෙළඳ පොළ සහල් මිල රුපියල් 120 ඉක්මවා ගොස් ඇත. විපක්ෂයේ සිටිමින් දිනපතා මාධ්‍ය හමු කැඳවමින් කයිවාරු ගැසූ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් මේ වන මුඛයන් දෙකම වසාගෙන සිටී.

මෙම තත්වය කළමනාකරණය කරගැනීමේ නොහැකියාව වසාගැනීම සඳහා අවසානයේ කෝකටත් තෛලය ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

මින් පෙර එජාප පාලන සමයේදී මිල ලෙස සටහන්ව තිබුනේ රතු නාඩු සඳහා රුපියල් 74ක් ද සුදු නාඩු සඳහා රුපියල් 80ක් සහ සම්බා සඳහා රුපියල් 85ක් ලෙස ය.

මෙවර දෙවන වතාවටත් පත් වූ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ ජනාධිපති, අගමැති ඇතුළුව සුපුරුදු පරිදි ප්‍රධාන සහ ප්‍රබලම අමාත්‍යංශ සහ ආයතනවල භාරකාරත්වය දරණු ලබන්නේ රාජපක්ෂවරුන් විසින්මය.

RSL

Related Posts