අරගලයට දින 100 යි

Spread the love

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා නිර්පාක්‍ෂික අරගලකරුවන් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වූ අරගලය අද (17) දින 100 සම්පූර්ණ කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පැවැති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම අරගලය ශ්‍රී ඉතිහාසයේ වඩාත් තීරණාත්මක මෙන්ම සාර්ථක අරගලය බවට පත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩු කීපයක් ද දින 100 තුළ ඉවත් වූහ.

මෙම දින 100 අතරතුරදී අරගලකරුවෝ කොටුව ජනාධිපති මන්දියර, ජනාධිපති ලේකම් කාර්යාලය, කොල්ලුපිය අරලිගහ මන්දිරය සහ අගමැති කාර්යාලය අල්ලා ගැනීමට සමත් වූහ. අරගලයට මාසයක් සම්පූර්ණ වූ පසුගිය මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එදින රට පුරා දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී කෝපවූ පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරු ඇතුළු දේශපලඥායන් 100 කට අධික පිරිසකගේ රට පුරා නිවාස ඇතුළු දේපලවලට හානි කළහ.

RSL

Related Posts