අයවැය සම්මත වෙද්දි ග්‍රේරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී

Spread the love

2012 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සභා සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව  ඡන්ද 60ක් ලැබුණි.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ ආණ්ඩුව සමඟ එක්ව අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරිමය.

අයවැයේ දැක්ම යහපත් බැවින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් සේවයක් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසාගැනීම වෙනුවෙන් මෙසේ ආණ්ඩුවට සහය දෙන බව හෙතෙම අද පාර්ලිමේතුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා තිබේ.

‘ලයිසියම්’ ජාත්‍යන්තර පාසලේ හිමිකරු වන මොහාන් ලාල් ‍ග්‍රේරූ මහතා ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිත බවත් පසුව ඔහුට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබීමට නියමිත බවත් පසුගිය සති අන්තයේ මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබිණ.

RSL

Related Posts