අපේ අරමුණ දූෂිත දේශපාලනයට තිත තියන්න – ජෙනරල්

Spread the love

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුධ අධිකරණයේ සහ මහාධිකරණයේ එක සමාන නඩු දෙකක් පවරමින් නීතිපති දෙපාර්තමේන්තුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය කඩ කර ඇති බව නීතිඥ සාලිය පිරිස් මහතා අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ ප්‍රකාශය කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හමුවේ හයිකෝප් නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීය.
යුධ අධිකරණයක් හමුවේ යුධ හමුදා පනත අනුවත්, මහාධිකරණය හමුවේ අපරාධ නඩු විධිවිධාන අනුවත් සරත් ෆොන්සේකාට නඩු පවරා ඇති බව නීතිඥ සාලිය පිරිස් එහිදී සදහන් කළේය. ඔහු පැවසුවේ එක අධිකරණයක ඔහුට චෝදනා එල්ල කර ඇත්තේ වංචා සහගත හැසිරීම් පදනම් කරගෙන බවයි.
අනෙක් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ සපරාධි විශ්වාසය කඩ කිරීම පදනම් කරගෙන බවද නීතිඥවරයා අධිකරණයට පැහැදිලි කළේය. කෙසේ වෙතත් සරත් ෆොන්සේකාට එරෙහිව අධිකරණ දෙකෙ‍හිම නඩු පවරා ඇත්තේ එකම සිද්ධියක් සම්බන්ධයෙන් බව ද නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ර‍ජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඊට පිළිතුරුදෙමින් පැවසුවේ අධිකරණ දෙකෙහිම ඉදිරිපත් වු සාක්ෂි සමාන බව පෙන්වීමට විත්තිය අපොහොසත් වු බවයි.නඩු විභාගය ඔක්තෝබර් මස 12 වැනිදාට කල් දැමු අධිකරණය එදිනට දෙපාශ්වයේම ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
“අපේ අරමුණ දූෂිත දේශපාලනයට තිත තියන්න. රජ සැප විඳීමට අපේ බලාපොරොත්තුවක් නැහැ. ජයවේවා”  අධිකරණයට පැමිණි අවස්ථාවේදි සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.
[youtube XZVoFO-dhwA]

RSL

Related Posts