අනන්ත් – රාධිකා – සියවසේ මංගල්‍යයට මුම්බායි සූදානම් – විවේචනත් උග්‍ර අතට

Spread the love

‘ෆෝබ්ස් සරාවට‘ අනුව ලෝකයේ 10 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ට් අම්බානි ඔහුගේ ආදරණීය රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට නියමිතය.

මුම්බායි හි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ බන්ද්‍රා කුර්ලා මධ්‍යස්ථානයේ (බීකේසී) ජියෝ වර්ල්ඩ් සෙන්ටර් හිදී මහා ඉන්දීය විවාහ උත්සවය පැවැත්වේ.

මාර්තු මාසයේ සිට මෙම පවුල විසින් අධික වියදමකින් පවත්වන ලද සුඛෝපභෝගී ප්‍රිය සම්භාෂණ මාලාවේ අවසානය වන්නේ, මුම්බායි නගරයේ ජූලි 12 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හතරක් පුරා පැවැත්වෙන මහා මංගල උත්සවය යි.

සඳුදා දින උත්සව අවසන් වන තුරු නගරයේ ප්‍රධාන මාර්ග දිනකට පැය කිහිපයක් වසා තැබෙනු ඇති බව ද වාර්තා වේ.

වසරේ විශාලතම විවාහ මංගල්‍යයට ලොව පුරා ජනප්‍රිය පුද්ගලයින් සහභාගී වනු ඇති බවත් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ සිට සැම්සුන් ප්‍රධාන විධායක නිලධාරී හා කාර්ඩේෂියන් සහෝදරියන් දක්වා ප්‍රසිද්ධ පුද්ගලයන් මුම්බායි වෙත පැමිණ ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

මාස ගණනාවක් පුරා පැවති උත්කර්ෂවත් සැමරුම් උත්සවවල දැනටමත් රියානා සහ ජස්ටින් බීබර් වැනි පොප් තරු ඉදිරිපත් කිරීම් සිදු කර තිබේ. එහෙත් එය යම් විරෝධයක් එල්ල වීමට ද හේතු වී තිබේ. නගර වැසියන් මාර්ග තදබදය ගැන පැමිණිලි කර ඇති අතර තව ත් සමහරුන් කිසි දා නිම නොවන මෙම සැමරුම්, ධනය ප්‍රදර්ශනය කිරීමක් ද යන්න ප්‍රශ්න කර ඇත.

ඊයේ (සිකුරාදා) මුම්බායි නගරයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැළුණු අතර ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් ද වාර්තා විය.

ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට ඩොලර් බිලියන 115ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව 10 වන ධනවත් ම පුද්ගලයා වේ. 1966දී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු ඛනිජ තෙල් සහ සිල්ලර වෙළෙඳාමේ සිට මූල්‍ය සේවා සහ විදුලි සංදේශ ඇතුළු ක්ෂේත්‍රවල ක්‍රියාත්මක දැවැන්ත සමූහ ව්‍යාපාරයකි.

අනන්ත් අම්බානි ඔහුගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වන අතර, ඔවුන් සියල්ලෝ ම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිති. 29 හැවිරිදි ඔහු රිලයන්ස්හි බලශක්ති ව්‍යාපාරවලට සම්බන්ධ වන අතර රිලයන්ස් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සිටී.

මෙම විවාහ මංගල්‍යය සඳහා කොපමණ මුදලක් වැය වේ ද යන්න අම්බානි පවුල හෙළි කර නොමැති නමුත් විවාහ උත්සවයේ සැලසුම්කරුවන් ඔවුන් දැනටමත් ඉන්දියානු රුපියල් බිලියන 11ත් 13ත් අතර මුදලක් වැය කර ඇති බවට ගණන් බලා ඇත. රියානාට ඇයගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් ගෙවා ඇති බවට කටකතා පැතිර ගිය අතර බීබර් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ගෙවා ඇති බවට පැවසිණි.

 

 

Related Posts