අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

Spread the love

අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

අදාළ යාත්‍රාව අනතුරට ලක්වනවාත් සමග එම නෞකාවේ සිටි සේවකයින් පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්වී තිබුණා.

Related Posts