අධිවේගී මාර්ගයේ බස් රථ යෙදවීමට සති 2ක් පමාවේවි – ලංගම

Spread the love

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයේ යෙදවීමට බලාපොරොත්තුවන අධි සුඛෝපභෝගී බස්රථවල සේවය සඳහා තෝරාගෙන තිබෙන සේවකයන්ට මේ දිනවල විශේෂ පුහුණුවක් ලබා දෙන බැවින් මඟී ප‍්‍රවාහනය සඳහා ‘ලංගම’ බස් රථ යෙදවීම තවත් සති දෙකකින් පමා වන බව ශ‍්‍රී ලංගමය සභාපති එම්.සී. බන්දුසේන මහතා පවසයි.

මෙම පුහුණුව ලංගම ප‍්‍රධාන අභ්‍යාස විද්‍යාලයේදී මේ දිනවල ලබා දෙන අතර ඉන් අනතුරුව අධිවේගී මාර්ගවල පවතින විශේෂ මාර්ග හා රථවාහන නීති සම්බන්ධයෙන් පොලීසිය මඟින් ලබා දෙන තවත් පුහුණු සැසියකින් පසු මගී ප‍්‍රවාහනය ආරම්භ කෙරේ.

කොට්ටාව සිට ගාල්ල දක්වා මෙම මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 380 කි.

RSL

Related Posts