අද පෞද්ගලික බස් රථ වර්ජනයක

Spread the love

පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

QR කේත ක්‍රමයට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ.

එසේම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සිදු කළ බස් ගාස්තු අඩු කිරීම බස් සංගම් සමඟ කිසිඳු සාකච්ඡාවකින් තොරව ප්‍රවාහන බලධාරීන් තනි මතයකට අනුව ගන්නා ලද තීරණයක් බවත් එයටද විරෝධය පළ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts