
අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව මන්නාරමේ 286MW සහ පුනරීන් ප්‍රදේශයේ 234MW සුළං ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.