අත්ට්‍රැක්ටරය සමග පැමිණි මරුවා

Spread the love

ගලගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු ඊයේ (11) පස්වරුවේ  තමන් සීසාමින් සිටි අත්ටක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මීවලපතහා ගල්වටියාගම  ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. ශ්‍රියානන්ද නම් 48 හැවිරිදි දෙදරු පියෙකි.

මහා පරිමාණෙන් එළවළු සහ වී වගාව සිදු කරන මෙම ගොවි මහතා 11 දින පස්වරු තුනට පමණ තම නිවස පිටුපස ඇති කුඹුරේ වි වගාව සඳහා දෙවැනි හීය හෑම සඳහා නිවසින් ට්‍රැක්ටර් රථය  ද සමග පිටත් වූ බව බිරිඳ  කියයි. විනාඩි කිහිපයක් ගතවනවාත් සමග  ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැමිණ තම සැමියා කුඹුරේ වැටී සිටින බව දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

අත් ට්‍රැක්ටරය කුඹුරේ පළමු ලියැද්දට යොදවන වත් සමඟ ආසන්නයේ තිබුණු මුරුංගා  ගසක  මුලක  මඩ රෝද  පැටලී  ඉවතට වැටුණු ගොවියා එම නගුල් තල වලට යටවී මීටර් කිහිපයක් ඇදගෙන ගොස් තිබෙන බවත් පසුව ට්‍රැක්ටර්ය රියැදුරු නොමැතිව මීටර් 200ක් පමණ වෙනත් වගාවන් හරහා ධාවනය වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

එසේ ටැක්ටර් රථය ධාවනය වෙමින් දුටු අවට පදිංචිකරුවන් වහා දිව විත් ඇත්තේ  රියදුරෙකු නොමැතිව ට්‍රැක්ටරයකකුඹුරු මැද ධාවනය වන දර්ශනය දැකීමත් සමඟ බව ඇසින් දුටුවෝ පවසති.

පසුව එම කණ්ඩායම වහා ක්‍රියාත්මක වී ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරය නවතා ට්‍රැක්ටරය පැමිණි මාර්ගය දිගේ මීටර් දෙසීයක් ආපස්සට ගමන් කිරීමේ දී මෙම ගොවි මහතා වැටී සිටිනු දැක නිවසට දැනුම් දී දඹුල්ල මූලික රෝහලට වහා අරැගෙන ගොස් ඇත.

රෝහලට රැගෙන යන විටත් මෙම ගොවියා මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts