අටවාගත් පාලනය පවත්වාගෙන යන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව – විමල්

Spread the love

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩකඩ මේ වන විට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ස්වාධීන පක්ෂ 09 ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රටේ ඇති දේශපාලන පක්ෂවලට සහ ජනාධිපතිවරයාටද පවතින තත්ත්වය දෙස බලා රට ගොඩ ගැනීමට කැපවීමක් කිරීමට කිසිඳු උවමනාවක් දක්නට නොලැබෙන බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිවීමේ හැකියාව ඉතාම අඩුවී ඇති බවත් අටවාගත් පාලනය පවත්වාගෙන යාමට බොහෝ දුරට බලාපොරොත්තු විය හැකි බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts