අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි

Spread the love

‘අඟේ ඉඳලා කන කන්න එපා යැයිද හැකිනම් තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තමන්ගේ තරම පෙන්වන ලෙසත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති නිශාන්ත කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කරයි.

රාජ්‍ය ඇමති නිශාන්ත මෙලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කර සිටියේ අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“විමල් සහෝදරයා උදය ගම්මන්පිල මෙන්න මෙහෙම කථාවක් කියනවා. විමල් මේ මැතිවරණය අපි අනිවාර්යෙන්ම ජයගන්නවා. ගෝඨා අනිවාර්යෙන් මේ මැතිවරණය ජයගන්නවා. මෙතනින් පස්සේ රාජපක්ෂවරු මේකෙන් අයින් කරන්න ඕනේ. අපේ කණ්ඩායමේ කෙනෙක් ඊළඟට හැදෙන්න ඕනේ. මේ ප්‍රොජෙට් එක තමයි මේ ගෙනියන්නේ ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා උදය සහෝදරයාට, විමල් සහෝදරයාට අඟේ ඉඳලා කන කන්නේ නැතුව කෙලින් සටන් බිමට එන්න ඔබට පුළුවන් නම් සටන් කරන්න. ඔබට පුළුවන්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. අපි ඉතාමත් පැහැදිලිව කියනවා මඩෙන් නෙවෙයි ගොඩින් එන්න කියලා. මොකද ඔවුන්ගේ ඉලක්කගත වැඩපිළිවෙලක් තියෙනවා මීළඟ මැතිවරණයේදී ඔවුන්ගේ ම කෙනෙක් ඉදිරිපත් කරන්න.” ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Posts