ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර ගැනේ

රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත. ඒ අනුව සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව …

Continue Reading

කොරෝනා භීතිය නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් යයි

ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් අද (24) දින ඔලිම්පික් උළෙල සඳහා වසරකින් කල් දැමීම පිළිබදව ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් Thomas Bach වෙත යෝජනා කිරීමට සූදානම් බව ජපාන NHK ගුවන් විදුලිය සදහන් කළා. ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල ප්‍රමාද කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පිකි කමිටුව වෙත කැනඩාව, ඔස්ට්‍රේලියාව ආදි රටවලින් දැඩි පීඩනයක් එල්ල වී තිබේ.  …

Continue Reading

මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ.ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය.

Continue Reading

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ. ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Continue Reading

පූනානි සහ කන්දකාඩු නිරෝධායන වූ පළමු කණ්ඩායම සිය නිවෙස් බලා පිටත් වේ

පූනානි (203) සහ කන්දකාඩු (108) ප්‍රදේශයන්හී පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වී සිටි 311 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (24) දින උදෑසන වෛද්‍ය ක්‍රමවේදයන් සහ නිරෝධායන ක්‍රියාවලී සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නික්ම යනු ලැබුවේ එම මධ්‍යස්ථාන වෙතින් ඔවුන් වෙත නිකුත් කරනු ලැබූ නිරෝධායන සහතිකපත් ද සමඟිනි. ගාල්ල, කොළඹ, මහනුවර සහ මාතර යන ප්‍රදේශයන්වල වෙසෙන මෙම නිරෝධායන ක්‍රියාවලියට …

Continue Reading

Covid 19: ගව මුත්‍රා පානය බෙහෙතක් ද? දිල්ලියේ ගව මුත්‍රපානෝත්සවයක් !

කොරෝනා වෛරසය ආසාදනය වීම අතින් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන සාපේක්‍ෂ වශයෙන් ඉහළ සංඛ්‍යාවක් නොවේ. එහෙත් වෛරසය පරාජය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දියාව පුරා මහජනයා නොමඟ යවන සුළු අදහස් ප්‍රචාරය කෙරෙමින් පවතී. පතුරුවා හරිනු ලැබෙමින් පවතින එවැනි ප්‍රමුඛ මිත්‍යා මත සම්බන්ධයෙන් බීබීසිය කරුණු විභාගයක් සිදු කරනු ලැබ ඇත. ගවමුත්‍ර පානය සහ ගොම වෛරස් ආසාදනය වීම මගින් ඇතිවෙන ආබාධ සඳහා …

Continue Reading

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පහත සඳහන් කරුණු මහජනයාගේ දැන ගැනීම සඳහා  නිකුත් කරනු ලැබේ – නීල්  බණ්ඩාර හපුහින්න – ලේකම් දිවයිනේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල අත්‍යාවශ්‍ය කෘෂිකර්ම හා සත්ව පාලන වැඩ   සටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු වේ. ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලවලදී ගොවි සංවිධාන විසින් තම නිෂ්පාදන ගොවිජන සේවා …

Continue Reading

කොරෝනා මර්ධනය හා ගුවන් හමුදාව සම්බන්ධ පුවත සාවද්‍ය බව ගුවන් හමුදාව කියයි

වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා COVID-19 වයිරස් තත්වය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීමේ ඉහල යෑමක් “ගුවන් හමුදාව කොරෝනා මැඩලීමට අද රාත්‍රි 11.30 ට යම් ද්‍රවණයක් ඉහල අහසේ සිට මුදා හරින බවට” වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වේගයෙන් පැතිරී යන පුවත අසත්‍යක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයා දැනුම්දී ඇත. COVID-19 වයිරසය සම්බන්ධයෙන් හා වර්තමාන …

Continue Reading

බස්නාහිර පළාත ඉතා අවධානම් කලාපයක් ලෙස නම් කරයි

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම …

Continue Reading