බොලිවුඩ් සුරූපිනියන් හැඩ කළ අඩු වියදම් සුන්දර සාරි විලාසිතා එකතුව

කොවිඩ් අගුළු දැමීම හේතුවෙන් බොහෝ දෙනකුට දැඩි ආර්ථික අපහසුතා ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය යොවුන් තරුණ – තරුණියන්ට බලපානවා. මේ තත්ත්වය තුළ තම පෙම්වතා සමග නව ජීවිතයක් ආරම්භ කිරීමට පෙරුම් පුරා ගෙන සිටින තරුණියන් කල්පනා කරන්නේ ‘අඩු වියදමකින් උපරිම සුන්දරත්වයක් ඇති විවාහයක් කරන්නේ කෙසේද? යන්නයි. එහිදී ඇය අඩු වියදමකින් සුන්දර සාරි විලාසිතාවක් තෝරා ගැනීම ගැන වඩාත් උනන්දු විය හැකියි. …

Continue Reading

පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය – පනත අධ්‍යයනයට කමිටුවක්

පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට  ජනාධිපතිතුමා තීරණය කරයි. දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ. …

Continue Reading

හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිලාභ ගැන ඔබ දැනගත යුතු සියල්ල

හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය එක් එක් පුද්ගලයාට ප්‍රතිකාර කිරීම පුද්ගලිකව සිදු කරයි, එය සාමාන්‍ය ඖෂධවලට වඩා ලාභදායී විය හැකිය. සාමාන්‍යයෙන්, පිළියම් සංයෝගයක් ලබා දෙන අතර, එයින් අමුද්‍රව්‍ය කිහිපයක් වේදනාවට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. ප්‍රතිකාරය ආරක්ෂිත වන අතර දිගු කාලීන ප්‍රතිලාභ ඇත. හෝමියෝපති යනු කුමක්ද? හෝමියෝපති (Homeopathy) යනු නිරෝගී පුද්ගලයෙකු තුළ රෝගයේ රෝග ලක්ෂණ ඇති කරන ස්වාභාවික ද්‍රව්‍යවල මිනිත්තුවක මාත්‍රාවක් ලබා දීමෙන් රෝගයකට ප්‍රතිකාර කිරීමයි . රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක නැනෝ මාත්‍රාව …

Continue Reading

‘PCR පරීක්ෂණ ගැන ආණ්ඩුවෙන් පරස්පර වාර්තා දෙකක් !

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව, ව්‍යාප්තිය සහ විශේෂයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ගැන පසුගිය කාලය පුරාම දැඩි සැකයක් සමාජය තුළ මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් තුළ ද තිබෙනවා. මේ ගැන සැක පහළ කරන බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුව නිවැරදි දත්ත, සංඛ්‍යා සගවා තබා ගෙන තම වාසියට ‘සාවද්‍ය‘ නැතහොත් ධනාත්මක දත්ත / සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවයි. මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා නැගෙන්නේ සෞඛ්‍ය …

Continue Reading

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට PCR පරීක්ෂණ 150,000ක්

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (24) මේ බව ප්‍රකාශ කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය- “කොවිඩ් – 19 රෝගය රට තුල පැතිරීම වැළැක්වීම හා පාලනය සදහා රජයක් විදිහට අප සියළු පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයින් …

Continue Reading

ශ්‍රී ලංකා රජය දක්වන ඇපකැපවීමෙන් වාසි ගන්න – විදේශ ලේකම් ඉන්දියානු ආයෝජකයන්ගෙන් ඉල්ලයි

ආයෝජන සඳහා හිතකර, ලිහිල් පරිසරයක් නිර්මාණය කිරීමට පහසුකම් සැලසීම, එය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන ඇපකැපවීමෙන් වාසි ලබාගන්නා ලෙස ඉන්දියානු ආයෝජකයන්ගෙන් විදේශ ලේකම් ආර්යසිංහ මහතා ඉල්ලා සිටියි ඉන්දීය ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය හිතකර වන්නේ එහි ස්ථාවර නායකත්වය නිසා පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවය නිසා ද බව විදේශ …

Continue Reading

වතුකම්කරු ගැටලු විසඳීම ගෝඨාභයට හෝ නවීන්ට හැකියාවක් නෑ – නීතිඥ හිරන්‍යා හේරත්

වත්මන් ආණ්ඩුවට හෝ හිටපු වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාට වතු කම්කරුවන්ගේ ගැටලූ විසඳීමට කිසිම හැකියාවක් හෝ උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය. අද (24) දින නුවරඑළියේ දී පැවති ජනහමුකදී මේ බව සඳහන් කළ හිරන්‍යා හේරත් මහත්මිය කියා සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යධුරයට සින්නක්කරවම ලියා ගෙන සිටි නවීන් දිසානායකගෙන් නුවරඑළියේ වතු ජනතාවට පසුගිය සමයේ …

Continue Reading

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට සුනඛයින් පුහුණු කරයි

ජර්මනියේ පර්යේෂකයන් පවසන්නේ කොවිඩ් -19 වලට හේතු වන වෛරසය වන සාර්ස්-කෝව් -2 හඳුනා ගැනීම සඳහා ස්නයිෆර් සුනඛයින් පුහුණු කිරීමට ඔවුන් සාර්ථකව සමත් වී ඇති බවයි. ජර්මානු හමුදාව සමඟ සහයෝගයෙන් හැන්වෝර්හි පශු වෛද්‍ය විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සතියක පුහුණුවෙන් පසු සුනඛයන් අට දෙනෙකුට ආසාදිත සාම්පල පාලක සාම්පල වලින් 94% ක්ම නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමට හැකි වූ බවයි. …

Continue Reading

රතු පැහැති හිස් වැසුම් ගලවා දැමිය යුතුමද?

පැහැදිලිවම ජනතාවගේ ආර්ථික සහ සමාජයීය ඉල්ලීම් “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” වැනි යහපාලනවාදී දෘෂ්ටිවාදී දවටනයක් තුළ ඔතා ඉදිරිපත් කිරීමෙන් එය කළ නොහැකිය. පාස්කු ප්‍රහාරයෙන් පසුව පවා මේ දෘෂ්ටිවාදී දවටනය වලංගු වූවක් බැව් පෙනී ගියද, කොරෝනා වෛරසයේ යුගය තුළ එය පීඩිත ජනතාවට කෙසේවත් අදාළ නැත ශ්‍රී ලංකාවේ දේශපාලන සම්මුඛ සාකච්ජාවලදී ප්‍රශ්න විචාරකයින් විසින් බොහෝ විට වාමාංශික ක්‍රියාකාරීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයක් තිබේ. එනම්, …

Continue Reading

සොරගුණේ වේලිඔය අමුණේ වැලි ජාවාරම පිටුපස ‘ආණ්ඩුවේ ප‍්‍රබලයෙක්’

සොරගුනේ වේලිඔය අමුණේ සිදුකරගෙන යන මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇති අතර ඒ පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය සමග ප්‍රදේශයේ  ගොවි ජනතාව පවසන ආකාරයට මෙම අනවසර මැණික් ගැරීම් හා වැලි ජාවාරම සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීමෙනි. එම හේතුව නිසා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය …

Continue Reading