ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා

ඇමැතිවරුන්ගේ මහජන දිනය සඳුදා දිනවල පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා අද (10) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බදාදා දිනවල රැස්වෙන බැවින් මහජනතාවට බාධාවක් සිදුනොවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

මේක කසිප්පු ආණ්ඩුවක් – රෝහිණී කවිරත්න

2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා.  හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.  රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ, මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා.  එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි …

Continue Reading

86 හැවිරිදි මිත්තණියක දූෂණය කිරීම සමග ඉන්දියාව යළි අවිලෙයි !

86 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් දිල්ලියේ අගනුවර පොලීසිය විසින් 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. “මෙම කාන්තාව සඳුදා සවස කිරි ගෙන එන්නා පැමිණෙන තෙක් නිවසෙන් පිටත සිට බලාසිට තිබෙනවා. දූෂකයා පැමිණ ඇත්තේ ඒ අවස්ථාවෙයි‘ දිල්ලි කාන්තා කොමිෂන් සභාවේ ප්‍රධානී ස්වාති මාලිවාල් බීබීසීයට පැවසීය. “තමා සුපුරුදු කිරි බෙදාහරින්නා නොවන බව ඔහු ඇයට පැවසූ අතර ඇයව කිරි ලබා ගත …

Continue Reading

ලකුණු 1000 ඉක්මවනවා කියලමයි හිතාගෙන හිටියේ – ලහිරු උදාර

ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවන් රැසක් දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට පිතිකරුවන් දෙදෙනකු සමත්විය. හිටපු ටෙස්ට් නායක වත්මන් යුද හමුදා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ලකුණු 1000 සීමාව ඉක්මවා ලූ පිතිකරුවන් යුගලය බවට පත්විය. මොවුන් දෙදෙනා අතරින් වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවා බවට …

Continue Reading

වැව් 5,000ක් ප්‍රතිසංස්කරණයට – පුරන් කුඹුරු අක්කර 120,000ක් යළි වගාවට

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ. ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් …

Continue Reading

ණය ගෙවා ගැනීමට හා ණය ගැනීමට පැමිණෙණ ජනතාවට පීඩා එපා – ජනපති රාජ්‍ය බැංකුවලට කියයි

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය. මුදල් අමාත්‍යංශයේ  ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය …

Continue Reading

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ‘මහජන අදහස් කැඳවයි’

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහළ නංවන විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා (0714398201) පවසයි. මෙහිදී ඒ ඒ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන අතර විශේෂයෙන් සැලකිලිමත් …

Continue Reading

20 සංශෝධනයේ මුල් ඇවරියේ කවුරුත් නෑ

එක එක කාලයට ආපු ව්‍යවස්ථා ලියවිලිවලට  කර්තෘවරුන්, නිර්මාතෘවරුන්, කර ගසා ගෙන යන්නන් හිටියේය. ව්‍යවස්ථා ලියවිල්ලක සැබෑ අරමුණ කියවා ගැනීමට කර්තෘ හඳුණා ගැනීම අත්‍යවශ්‍යය.  ඉතිහාසයේ පළමුවෙනි වතාවට ව්‍යවස්ථා සංශෝධනයක් කර්තෘ අඥාත ලියවිල්ලක් ලෙස එළි දැක්වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.  දැන් සතියකට වැඩියි.  රටම …

Continue Reading

ඔක්ස්ෆර්ඩ් සරසවියේ Covid-19 එන්නත අත්හදා බැලීම නතර කරයි

චීනය සහ රුසියාව දේශීයව සංවර්ධනය කරන ලද එන්නත් එන්නත් කිරීම ආරම්භ කර තිබේ. ඒවා සියල්ලම තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සායනික අත්හදා බැලීම්වල ලැයිස්තුගත කර නැත. අවසාන සායනික අත්හදා බැලීම් සඳහා සහභාගී වූ පුද්ගලයෙකුට තුළ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් ( AstraZeneca and Oxford) විශ්ව විද්‍යාලය විසින් සිදුකරනු ලබන කොවිඞ්-19 වෛරස් එන්නත සංවර්ධන කටයුතු නතර කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා එය …

Continue Reading

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය රියා චක‍්‍රවර්ති අත්අඩංගුවට

බොලිවුඩ් නිළි රියා චක්‍රවර්ති සිය නළු පෙම්වතා වන සුෂාන්ත් සිං රාජ්පුත්ට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ චෝදනාව මත ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය (NCB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 34 හැවිරිදි රාජ්පුත් ජුනි 14 වන දින මුම්බායි හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඔහු සියදිවි නසා ගත් බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ අය චක්‍රවර්තිට සියදිවි නසා ගැනීමට අනුබල දුන් …

Continue Reading