ගර්භනී සමයේ ලිංගික ක්‍රියාකාරකම් ගැන විශේෂ හෙළිදරව්වක්

ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී. ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන් සහ රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවත් තම නිදන කාමරය තුළ අලංකාර පින්තූර එල්ලා තැබිය යුතු බවත් සඳහන්වන උපදෙස් මාලාවක් …

Continue Reading

බොලිවුඩයේ සළු ගළවමින් කන්ගනා රනාවුත් අල්ලන අඩව්ව කුමක්ද ?

ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව මේ මොහොතේ කුණාටුවකට මුහුණ දී සිටී. හින්දි සිනමාව මුහුණ පා ඇති මේ ගැටලුකාරී තත්ත්වය මැද සිටින්නේ කන්ගනා රනාවුත්ය. තිස්තුන් හැවිරිදි සිනමා තාරකාව ඇයගේ සහෝදර නළු නිළියන් සමග යුද වැදී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සති කිහිපය තුළ, කර්මාන්තයේ ඉහළින් වැජඹෙන පතාක යෝධයින් හට, ඥාති සංග්‍රහය (Nepotism) සහ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇය චෝදනා එල්ල කළාය. එහිදී නළු නිළියන් …

Continue Reading

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා ආර්යාවට කොරෝනා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ. මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවකි. ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනාවෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනාවෛරසය වැළදී ඇති බව තහවුරුව්මෙන් අනතුරුවය. එසේ වෛරසයට …

Continue Reading

ජනපති ගම සමග පිළිසදර -2ට මාතලේ හිඹිලියාකඩ ගමට යයි

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.   මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ග්‍රාමනිලධාරී වසමේ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද (02) පෙරවරුවේ පැවති “ගම සමඟ …

Continue Reading

ඔක්තෝබර් 05 වැනිදා සමරණ ‘ලෝක ජනාවාස දිනය’ ගැන දැන ගනිමු

2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය  අමාත්‍යා ඉන්දික අනුරුද්ද මහතාගේ ආරාධනයෙන් ඔක්තෝම්බර් 05 දින ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් …

Continue Reading

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි …

Continue Reading

කොළඹ ගස් කඩා වැටීමට හේතු සොයන්න සමීක්ෂණයක්

කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක්  ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදු වන ප්‍රදේශ පාදක කර ගන්නා ලදී. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර …

Continue Reading

20 සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි – එකෙන් 32 ක් දැනටම වෙනස් කරලා

20 වන සංශෝධනය කියලා වගන්ති 57 ක් ආණ්ඩුව ගැසට් කළා.  දැන් එකෙන් 32 ක් සංශෝධනය කරලා.  20 ලිව්ව කෙනාට වැඩිය, මේක සංස්කරණය කරන ‘සබ් එඩිටර්ට‘ අවුල් යැයි මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. සමගි ජන බලවේගයේ ‘දිනමු‘ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා රත්තොට, කයිකාවල පැවතැ රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය. ලියපු කෙනෙක් නැති 20 සංශෝධනය, ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යවස්ථා විහිළුව …

Continue Reading

නියම සතුට සොයා ගන්න මේ උපදෙස් 07 පිළිපදින්න

‘බෞද්ධ අපි ලොකුම ධනය ලෙස සලකන්නේ ‘සතුට‘යි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි අතරින් කීයෙන් කී දෙනා ද සතුටින් ඉන්නේ. අප සැමට සතුටින් සිටීමට අවශ්‍ය නමුත් එම ඉලක්කය සපුරා ගන්නේ කෙසේදැයි අපි බොහෝ දෙනෙක් දක්නේ ම නැහැ. ඒ නිසා අපි විවිධාකාරයෙන් සතුට සොයා යාමට වෙහෙසෙනවා. ඒත් සතුට ගැන අධ්‍යයනය කළ විශේෂඥයින් පවසන්නේ ‘සතුට යනු තේරීමක්‘ බවයි. ඒ අදහස අපට තරමක් ව්‍යාකූල …

Continue Reading

රටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි – අගමැති

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පැවැසීය. කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමාවන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමඟාමීව …

Continue Reading