තැපැල් වෘත්තීය සමිති විරෝධතාවකට සැරසෙයි
- RSL
- December 18, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවට සේවයකයින් බඳවා ගැනීම් පටිපාටයේ පවතින ගැටළු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බව එහි සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශයන් දැනුම්වත් කිරීමට කටයුතු කළ ද ඒ සඳහා මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බව ඔහු සඳහන් කළේය.
කේ.එම් චින්තක බණ්ඩාර මහතා පවසන්නේ මෙම ගැටළුව හේතුවෙන් තැපැල් සේවකයින්ගේ බොහෝ වරප්‍රසාදයන් ද අහිමි වී ඇති බවයි.
පවතින ගැටළුව සඳහා සති දෙකක් තුළ නිශ්චිත විසඳුමක් බලධාරීන් විසින් ලබා දීමට කටයුතු නොකලහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය

