P.H.I නිලධාරීන් කොරෝනා පාලන සියලුම රාජකාරි වලින් ඉවත් වෙයි

Spread the love

කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් අද (17) දහවල් 12.30 සිට ඉවත්වීමට  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර බව එම සංගමයේ සභාපති, එම්.ජී.යු. රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.

නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බවත් තම සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ගත් බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් වෙනවා.

හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දෙන බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපියේ සදහන් වෙනවා.

RSL

Related Posts