MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක

Spread the love

සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන.

එම වෙබ් අඩවි වන්නේ,

www.president.gov.lk

Link 1: https://www.president.gov.lk/si/ජනපතිට-භාරදුන්-mcc-සමාලෝචන-අ
Link2: https://www.president.gov.lk/wp-content/uploads/2020/06/අවසන්-වාර්තාව.pdf

www.presidentsoffice.lk

Link 1: https://www.presidentsoffice.gov.lk/index.php/2020/06/25/mcc-review-final-report-presented-to-president-2/?lang=si

www.pmdnews.lk

Link 1: http://www.pmdnews.lk/si/mcc-review-final-report-presented-to-president/

MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු සභාපතිවරයා විය.    ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

කමිටුවේ අවසන් වාර්තාව 2020 ජූනි 25 වැනි දින මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

කමිටු වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට දැන ගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන්නැයි ජනාධිපතිතුමා තම ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

Tags: