තෙල්මිල ගැන මහින්ද රාජපක්ශ මහතා කියන්නේ බොරු බේගල්- මංගල

Spread the love

තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය
‘‘හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි ආණ්ඩුවට ගල් ගහන්න පටන් අරගෙන.තෙල්මිල හා තෙල්මිල සූත්‍රය ගැන එතුමා විකෘති අදහස් කියනවා.මහින්ද රාජපක්ෂ මහතා කියනවා එතුමාගේ කාලයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 120 යිලු.ඒක බොරුවක්.මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලයේදී එනම් 2015 වසරේ ජනවාරි මාසය වනවිට පෙට්රල් ලීටරය රුපියල් 150යි එහෙම බැලුවම එදාට වඩා තෙල්මිල අද අඩුයි.

මිල සූත්‍රය රටට අවශ්‍ය දෙයක් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩු වැඩි වෙනකොට එහි වාසිය හෝ අවාසිය හෝ ජනතාවට යනවා. අපට මතකයි 2014 දී ලෝක වෙළඳ පළේ තෙල්මිල සැලකිය යුතු ලෙස අඩු වුණා.හැබැයි තෙල් මිල අඩුවීමේ වාසිය එදා ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් ආණ්ඩුව තෙල්මිල අඩුකළේ නැහැ.

RSL

Related Posts