GMOA නායකයින් කොවිඩ් මර්දන ඇමැතිනිය හමුවෙයි
- RSL
- December 4, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
කොරෝනා මර්දනය කරන්න අවශ්‍යකරන සහයෝගය, තාක්ෂණික දැනුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුදෙනාත් එකතු කරගෙන කණ්ඩායමක් ලෙස වැඩකිරීමට තමන් සූදානම් බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය මේ බව සදහන් කරන ලදි.
ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු සාකච්ඡා කල බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය, බෝනොවන රෝග සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා උත්සාහය අගය කරන බවත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය තමන් සමග සාධනීය සාකච්ඡාවක් පැවැත්වීමට පැමිණිම පිළිබදව සිය ස්තූතිය මෙහිදී පළ කළාය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද නව රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පත්වීම පිළිබදව තම සංගමය බෙහෙවින් සතුටට පත්වන බවත්, එතුමිය තමන්ට අලුත් කෙනෙකු නොවන බවත් තමන් ඉගෙන ගන්නා කාලයේ නිවාරණ සෞඛ්‍ය සම්බන්ධයෙන් කියාදුන් විශේෂඥ වෛද්‍යවරියක් බවත් සදහන් කල පාදෙනිය මහතා ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික මට්ටමේ සේවය කල වෛද්‍යවරියක් වන බැවින් ඇයගේ දැනුම සහ නිපුණතාවය පිළිබදව තමන් සතුටට පත්වන අතර සෞඛ්‍ය කළමනාකරණය කර ගැනීම සදහා විශාල දායකත්වය දිය හැකි අවස්ථාවක් ලෙස සලකන බවයි.
මෙම සාකච්ඡාව රාජ්‍ය අමාත්‍යවරියගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසේ පැවැති අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුලු වෛද්‍යවරු කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගීවිය.

