fbහි පළ වූ පුවතක් පිළිබදව සෞඛ්‍ය ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
- RSL
- April 11, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.
COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්විම සදහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගෙනයන වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමේ චේතනාවෙන් පාලිත රාජපක්ෂ නැමැති පුද්ගලයෙකු විසින් එම අසත්‍ය පුවත මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කොට ඇති බව සෞඛ්‍ය ලේකම්තුමිය පෙන්වා දෙයි.
මේ වනවිට රජය සහ සෞඛ්‍ය අංශ විසින් COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ගනු ලැබූ තීන්දූ තීරණ සහ වැඩපිළිවෙල ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව ඇති අවස්ථාවක තව තවත් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරමින් වෛරසය මැඩපැවැත්වීම සදහා වන PCR පරීක්ෂණ දාරිතාවය ද ඉහළ නංවා ශක්තිමත් කරමින්, කටයුතු කරන මෙවැනි අවස්ථාක මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කිරීම කිසිසේත් අනුමත නොකරන බව ද සෞඛ්‍ය ලේකම් තුමිය අවධාරණය කරයි.
අදාල සාවද්‍ය පුවත මුහුණු පොත ඔස්සේ පළ කිරීම පිළිබදව නීතිමය ක්‍රීයාමාර්ග ගැනීම සදහා අදාල අංශ දැනුවත් කර ඇති බව ද සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් දන්වයි.

