Covid-19 World Update: ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්
- RSL
- April 22, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, විදේශීය
- featured
- 0 Comments
අද දිනය (22) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක් වාර්තා වූ බව ජෝන්ස් හොල්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය කියයි.
එහි සදහන් වන්නේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 830,789ක් සහ මරණ 45,318ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ බවයි. එක්සත් ජනපදයේ මරණවලින් 14,887ක් නිව්යෝර්ක් වලින් වාර්තා වීම විශේෂත්වයකි.
ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 208,389ක් සහ මරණ 21,717ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 187,327ක් සහ මරණ 25,085ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 159,315ක් සහ මරණ 20,796ක් ද ජර්මනියෙන් ආසාදිතයින් 149,044 ක් සහ මරණ 5127ක් ද වාර්තා වී ඇත.
මහා බ්‍රිතාන්‍යෙයන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 134,635 වන අතර මරණ සංඛ්‍යාව 18,100කි. ඉන්දියාවෙන් ආසාදිතයින් 20,471 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 652කි.

