අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසිය නොහැකයි – WHO ප්‍රධානියා
කොවිඩ් ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11ක් නම් කරයි
යුරෝපයේ සෞඛ්‍ය ආරක්ෂණ නියාමකයා (Europe’s healthcare regulator) විසින් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රති-වෛරස නාශක රෙමෙඩිසිවර් (anti-viral drug Remdesivir) අනුමත කර ඇති අතර එය යුරෝපා සංගම් රටවල භාවිතා කිරීමට නියමිතය.
යුරෝපීය ඖෂධ ඒජන්සිය අද (25) නිවේදනය කළේ වයස අවුරුදු 12 සිට වැඩිහිටියන්ට සහ නව යොවුන් වියේ පසුවන අයට (නියුමෝනියාව සමඟ ඔක්සිජන් ආධාර අවශ්‍ය රෝගීන්ට) මෙය නිර්දේශ කරන බවයි.
රෙම්ඩෙසිවිර් ඉබෝලා වසංගතයට එරෙහිව භාවිතා කර ඇති අතර එහි බලපෑම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා දැනට ලොව පුරා සායනික අත්හදා බැලීම් කරමින් සිටී.
එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයින් විසින් තෝරාගත් කොවිඩ් -19 රෝහල් රෝගීන් සඳහා මැයි මාසයේදී මෙය අනුමත කරන ලදි.
යුරෝපා රටවල රෙමෙඩිසිවර්ට භාවිතා කිරීමට පෙර යුරෝපා කොමිසමේ අවසාන අනුමැතිය අවශ්‍ය වේ.
කොවිඩ් ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11ක් නම් කරයි
මාස කිහිපයකට පසු යළි කොවිඩ්-19 රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යුරෝපා කලාපය භාර ප්‍රධානියා විසින් අනතුරු අඟවා ඇත.
රටවල් 11 ක “වේගවත් සම්ප්‍රේෂණය” සැලකිය යුතු පුනර්ජීවනයක් ඇති කිරීමට හේතු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාය පවසන්නේ.
කොවිඩ්-19 ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11 වන්නේ, ඇල්බේනියාව, ආර්මේනියාව, අසර්බයිජානය, බොස්නියාව සහ හර්සගොවිනා, කසකස්තානය, කොසෝවෝ, උතුරු මැසිඩෝනියාව, මෝල්ඩෝවා ජනරජය, ස්වීඩනය, යුක්රේනය සහ කිර්ගිස්තානය යි.(මධ්‍යම ආසියාවේ පුළුල් ලෙස සැලකේ).
ජුලි 1 වන දින යුරෝපා සංගමයේ බාහිර දේශසීමා නැවත විවෘත කිරීම පිළිබද සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් තානාපතිවරු මේ සතියේ රැස්වීමට නියමිතව සිටී. සාමාජික රටවල් සලකා බලන එක් විකල්පයක් වන්නේ ඉහත රටවල ආසාදන අනුපාතයන්ගෙන් පෙළෙන අයට (සමහර විට එක්සත් ජනපදය, රුසියාව සහ බ්‍රසීලය ඇතුළුව) ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබදවයි.
අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසිය නොහැකයි – WHO ප්‍රධානියා
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා පවසා ඇත්තේ කොවිඩ් -19 ට එරෙහිව ඵලදායී එන්නතක් නිපදවීමට විද්‍යාඥයින්ට හැකි බවට කිසිදු සහතිකයක් නොමැති බවයි.
වෛද්‍ය ටෙඩ්රොස් ගෙබ්‍රෙයිසස් අද (25) යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කමිටුවට කියා සිටියේ එන්නතක් නිපදවුවද ඒ සදහා අවම වශයෙන් වසරක්වත් ගතවනු ඇති බවයි.
“අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසීම ඉතා අපහසු වනු ඇත,” වෛද්‍ය ටෙඩ්රොස් වීඩියෝ සබැඳියක් හරහා යුරෝපා සංගම් නීති සම්පාදකයින්ට පැවසීය.
“අපට කවදාවත් කොවිඩ් වෛරසයක් සඳහා එන්නතක් නොතිබුණි. එබැවින් මෙය සොයා ගනු ඇතැයි අපේක්ෂා කරන විට එය පළමු වැන්න වනු ඇත‘‘ ඔහු වැඩි දුරටත් පැවසීය.
එන්නත් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරස් වැනි රෝග කාරක හඳුනාගෙන සටන් කිරීමට උපකාරී වේ. කොවිඩ් -19 වැනි රෝග පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය ලෙස එන්නතක් සලකනු ලැබේ.
එක්සත් රාජධානියේ ඉම්පිරියල් කොලේජ් විසින් මෙහෙයවන මානව අධ්‍යයනයක් ඇතුළුව පුරා එන්නත් අත්හදා බැලීම් 100 කට වැඩි ප්‍රමාණයක් සිදු වෙමින් පවතී .
සාරාංශය
- ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යුරෝපයේ සතිපතා කොරෝන වෛරස් රෝගීන්ගේ පළමු වැඩිවීම දක්නට ලැබේ
- රටවල් දිගින් දිගටම සීමාවන් ලිහිල් කිරීමත් සමඟ මෙම ඉහළ යාම සිදුවිය
- මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වසංගතය තවමත් උපරිම මට්ටමට පැමිණ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
- එක්සත් රාජධානියේ රජය “සංචාරක කොරිඩෝ” පිළිබඳ තොරතුරු සකස් කරමින් සිටින අතර සමහර පැමිණීම් නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවනු ඇත
- බටහිර යුරෝපයේ බොහෝමයක් නිදහස් රටවල් වල ආරම්භක ලැයිස්තුවට ඇතුළත් වීමට නියමිතය
- නිව්යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් වෙනත් එක්සත් ජනපද ප්‍රාන්ත නවයකින් පැමිණෙන පුද්ගලයින්ගෙන් දින 14 ක් නිරෝධායනය කරන ලෙස ඉල්ලා සිටියි
- වෛරස් රෝගීන් වැඩිවීම මධ්‍යයේ ඕස්ට්‍රේලියානු හමුදාව හමුදා භටයන් 1,000 ක් වික්ටෝරියා වෙත යවයි
- ප්‍රංශය අගුලු දමා මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇතත් පැරිසියේ අයිෆල් කුළුණ නැවත විවෘත වේ
විදෙස් මාධ්‍ය ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ