Covid-19: World Special: 107 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සුවය ලබයි

Spread the love

ස්පාඤ්ඤයේ රැකියා කරන පාකිස්ථානු ජාති කුලී රථ රියැදුරන්ගෙන් සත්කාරයක්

මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා ආසදනය උග්‍ර වී තිබෙනවා. මරණ සංඛ්‍යාෙවත් දෙවැනි ඉන්නේ අසල්වැසි ඉතාලියට පමණයි. මේ අතර බාසිලෝනා හි රැකියා කරන පාකිස්තාන කුලී රථ රියදුරන් කොරෝන වෛරසය පැතිරීම මධ්‍යයේ වෛද්‍ය සේවකයින්ට නොමිලේ සිය සේවය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මාර්තු මස මැද භාගයේදී ස්පාඤ්ඤයේ අගුලු දැමීමේ ආරම්භයේදී  ෂාබාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කුලී රථ රියදුරන් හය දෙනෙකු වෛද්‍ය සේවකයින්ට රාත්‍රියේදී තම නිවෙස් කරා ආපසු යා හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුවයි මේ වැඩපිළිවෙළ ආරම්භ වී තිබෙන්නේ. එතැන් පටන් ඔවුන්ගේ උත්සාහය ස්වේච්ඡා සේවකයන් 200 ක් පමණ දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ඔවුන්ගේ සේවය ස්පාඤ්ඤ මාධ්‍යවල පවා දැඩි ඇගයීමට ලක්ව තිබෙනවා.

107 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සුවය ලබයි

‍කො‍රෝන වෛරසය ආසාදනය වූ 107 හැවිරිදි ඕලන්ද ජාතික කාන්තාවක් සුවය ලබා ඇති අතර, වසංගතයෙන් දිවි ගලවා ගත් වයස්ගතම තැනැත්තා ඇය විය හැකි බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

කොර්නෙලියා රාස් ඇගේ 107 වන උපන්දිනයට පසු දින එනම් මාර්තු 17 වන දින රෝගාතුර වූ බව නෙදර්ලන්ත පුවත්පත වාර්තා කරයි. ඒ නිරිතදිගින් පිහිටි දූපතක් වන ගොයරි-ඕවර්ෆ්ලැක්කි හි පිහිටි ඇගේ සාත්තු නිවාසයේ පදිංචිකරුවන් සමඟ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් පසුව බවයි වාර්තා කියන්නේ.

කොරොනා ඇමේසන් හුදෙකලා වූ යනාමාමි ගෝත්‍රයට ළඟා වෙයි

ඇමසන් ආදිවාසී කණ්ඩායමක් වන යනාමාමි ජනතාව අතර බ්‍රසීලය ප්‍රථම කොරෝන වෛරස්  ආසාදිතයා වාර්තා වී තිබෙනවා. 15 හැවිරිදි පිරිමි ළමයෙකු වන මෙම රෝගියා උතුරු ප්‍රාන්තයේ රොරයිමා අගනුවර වන බෝවා විස්ටා හි රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බව බලධාරීහු පවසති.

චීනයේ නව රෝගීන් අතර ආසාදිත අලුත උපන් දරුවන් හතර දෙනෙක්

ගර්භාෂයේ සිටින තම නූපන් ළදරුවන්ට මවගෙන් කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව චීනයෙන් ලැබෙන නව සාක්ෂි වලින් පෙනී යන බව නව අධ්‍යයන වාර්තාවක් සදහන් කරනවා.

වුහාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් කියැවෙන්නේ මාර්තු මැද භාගය වන විට චීනයේ තහවුරු වූ කොරොන රෝගීන් 81,000 අතර ආසාදිත අලුත උපන් දරුවන් 4 දෙනෙකු සිටින බවයි.

මෙම අවස්ථා හතරේදීම මව්වරුන්ට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර අවස්ථා තුනකදීම දරු ප්‍රසූතියට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ළදරුවන්ට පෙන්නුම් කළේ මෘදු රෝග ලක්ෂණ පමණක් වන අතර දැඩි සත්කාර සඳහා ඔක්සිජන් ලබාදීම හෝ ප්‍රතිකාර අවශ්‍ය නොවූ බව එම වාර්තාව වැඩි දුරටත් කියන්නේ.

RSL

Related Posts