Covid-19 World Review: බ්‍රසීලයෙන් සහ රුසියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්

Spread the love

අද (19) දින පෙ.ව 07.32 ( ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,836,329ක් සහ මරණ 319,213ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කිසින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

එම වාර්තාව අනුව අද දිනය තුළ 9263ක් වූ ආසාදිතයින් පිරිස රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකාවෙන් ආසාදිතයින් 7476ක් බ්‍රසීලයෙන් ආසාදිතයින් 6199ක් වාර්තා වී තිබෙනවා.

වැඩිම දෛනික මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර එය 522ක්. ඇමෙරිකාවෙන් 497ක් සහ රුසියාවෙන් මරණ 115ක් වාර්තා වී තිබෙනවා.

රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාෙව් වේගවත් වර්ධනයක් සිදු වුවත් මරණ අනුපාතය සාපේක්ෂව අඩුව පවතිනවා
Tags: