Covid-19 World Review: ඉන්දියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්
- RSL
- May 25, 2020
- CORONA: Covid 19, විදේශීය
- featured
- 0 Comments
අද (25) දින වන විට ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 54,53,784ක් බවත් මරණ සංඛ්‍යාව 345,721ක් බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි.

එහි සදහන් වන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව එක්සත් ජනපදය විසින් වාර්තා කරන අතර එය පිළිවෙළින් 16,47,741ක් සහ 97,811කි.
ආසාදිතයින් සංඛ්‍යාව අනුව බ්‍රසීලය ආසාදිතයින් 363,211ක් වාර්තා කරමින් දෙවැනි තැනට පත්ව ඇති අතර එහි මරණ සංඛ්‍යාව 22,666කි.
රුසියාව ආසාදිතයින් 353,427ක් වාර්තා කරමින් තෙවැනි තැනට පත්ව ඇති නමුත් එහි මරණ සංඛ්‍යාෙව් සාපේක්ෂ අඩුවක් පෙන්වයි. ඒ අනුව රුසියාවේ මරණ සංඛ්‍යාව 3633ක් ලෙස වාර්තා වේ.
මේ අතර අප අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් ඇති අතර අද දින වන විට එහි ආසාදිතයින් සංඛ්‍යාව ( ඊයේ 133,725 ) 144,069ක් ලෙස වාර්තා වේ. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ 3909ක අගය අද දින 206කින් ඉහළ 4,117ක් දක්වා වර්ධනය වී ඇත.

