- ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව ලෝකයේ මුළු කිරීටක වෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත.
- එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝන වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විවේචනය කිරීම සහ එයට ලබා දෙන අරමුදල් කපා හැරීම අරමුදල් කපා හැරීම, ලොව පුරා නායකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයට විශාලතම දායකත්වය සපයන්නේ එක්සත් ජනපදයයි.
- එක්සත් ජනපදයේ කොරෝන වෛරසයෙන් මිය යන සංඛ්‍යාව අවම වශයෙන් 2,228 කින් ඉහළ ගොස් ඇත ( එය එක් දිනකදී වැඩිම අගය ) අඟහරුවාදා 28,300 ඉක්මවා ඇත. වාර්තා වී ඇති රෝගීන් 600,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් රට තුළ තිබේ
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) පවසන්නේ ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 03කින් හැකිලෙනු ඇති බවයි. එය 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු විශාලතම සංකෝචනයයි.
ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය විසින් අද (15) දින නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම් සංඛ්‍යාව ගෝලීය වශයෙන් 2,016,020ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මරණ සංඛ්‍යාව 130,528ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර එය 613,187ක් වශයෙන් සටහන් වී තිබෙන අතර මරණ සංඛ්‍යාව 26,950ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගෝලීය ප්රවණතා
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නොදීම “අනතුරුදායකයි”- එ.ජ මහ ලේකම්
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්රදානය කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළේය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මේ වන විට විශාල වශයෙන් හෙළා දැකීමකට ලක්වෙමින් පවතී.
‘මයික්‍රොසොෆ්ට්’ (Microsoft) නිර්මාතෘ බිල් ගේට්ස් ( Bill Gates) විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය විග්රහ කරන ලද්දේ “අනතුරුදායක පණිවුඩයක්” වශයෙනි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (António Guterres) විසින් ද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක් කරමින්, “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්පත් මූලයන් කපා හැරීමට මෙය කාලය නොවන” බව පෙන්වා දුන්නේය.
ඇමෙරිකානු අරමුදල් නතර කරන බව ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ “ලෝක සෞඛ්‍ය සංවිධානය පවතින කොරෝනාවෛරස් වසංගතය හමුවෙහි ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට අසමත් වූ” බවය.
චීනයෙන් ආරම්භ වී පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය පිළිබඳ කරුණු වසං කළ බවට සහ නොමග යැවීම් සිදු කළ බවට ඇමෙරිකානු නායකයා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ ඊට ප්‍රතිචාරයක් වශයෙනි.
සිය රට තුළ කොරෝනාවෛරසය පැතිර යාම වළක්වාලීමට ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු සමාජය තුළ දැඩි අපවාදයකට මුහුණ දී සිටියි.
ඔහුට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා “නිසි මොහොතේ කඩිනම් තීරණ සහ ක්‍රියාමාර්ග නොගැනීමය”.
චීනය සමඟ සිදු කෙරෙන සංචාර නතර කිරීම සඳහා ජනවාරි අග භාගයේ දී තීරණය කරනු නොලැබීම ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව එල්ල කෙරෙන එක් විවේචනයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් එම චෝදනාවෙන් පළා යාමට ඔහු උත්සාහ කරයි.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවය.
“කොරෝනාවෛරසය පැතිරීම වසං කරනු ලැබීම සහ බරපතල මට්ටමේ දුර්කලමනාකරණයට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව තක්සේරු කෙරෙන අධීක්ෂණයක් සඳහා පියවර ගනු ලබන අතරවාරයේ, ඊට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස මම, මගේ පරිපාලනයට නියෝග කරනවා” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.
ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සහ මරණ
එක්සත් ජනපදය – රෝගීන් 613,187 ක්, මරණ 26,950 ක්
ස්පාඤ්ඤ – රෝගීන් 177,633 ක්, මරණ 18,579 ක්
ඉතාලිය – රෝගීන් 165,155 ක්, මරණ 21,645 ක්
ජර්මනිය – රෝගීන් 132,718 ක්, මරණ 3,592 ක්
ප්‍රංශය – රෝගීන් 131,365 ක්, මරණ 15,750 ක්
එක්සත් රාජධානිය – රෝගීන් 99,455 ක්, මරණ 12,892 ක්
චීනය – රෝගීන් 83,356 ක්, මරණ 3,346 ක්
ඉරානය – රෝගීන් 76,389 ක්, මරණ 4,777 ක්
තුර්කිය – රෝගීන් 65,111 ක්, මරණ 1,403 ක්
බෙල්ජියම – රෝගීන් 33,573 ක්, මරණ 4,440 ක්
නෙදර්ලන්තය – රෝගීන් 28,314 ක්, මරණ 3,144 ක්
කැනඩාව – රෝගීන් 27,063 ක්, මරණ 903 ක්
ස්විට්සර්ලන්තය – රෝගීන් 26,336 ක්, මරණ 1,221 ක්
බ්‍රසීලය – රෝගීන් 25,758 ක්, මරණ 1,557 ක්
රුසියාව – රෝගීන් 24,490 ක්, මරණ 198 ක්
පෘතුගාලය – රෝගීන් 18,091 ක්, මරණ 599 ක්
ඔස්ට්‍රියාව – රෝගීන් 14,321 ක්, මරණ 393 ක්
ඊශ්‍රායලය – රෝගීන් 12,200 ක්, මරණ 126 ක්
ස්වීඩනය – රෝගීන් 11,927 ක්, මරණ 1,203 ක්
ඉන්දියාව – රෝගීන් 11,555 ක්, මරණ 396 ක්
අයර්ලන්තය – රෝගීන් 11,479 ක්, මරණ 406 ක්
දකුණු කොරියාව – රෝගීන් 10,591 ක්, මරණ 225 ක්
පේරු – රෝගීන් 10,303 ක්, මරණ 230 ක්
ජපානය – රෝගීන් 8,100 ක්, මරණ 146 ක්
ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,440 ක්, මරණ 63 ක්
සෞදි අරාබිය – රෝගීන් 5,862 ක්, මරණ 79 ක්
එක්සත් අරාබි එමීර් – රෝගීන් 4,933 ක්, මරණ 28 ක්
කටාර් – රෝගීන් 3,711 ක්, මරණ 7 ක්
බහරේනය – රෝගීන් 1,671 ක්, මරණ 7 ක්
කුවේට් – රෝගීන් 1,405 ක්, මරණ 3 ක්
ඕමානය – ආසාදිතයින් 910 ක්, මරණ 4 ක්
අල් ජසීරා වාර්තා ඇසුරිණි