Covid-19 World Hot Review: ඇමෙරිකාව මරණ ලක්ෂය පසු කරයි – ට්‍රම්ප් තවමත් පර්පෝරි ගසයි !

Spread the love

කොරෝනා වෛරසය ඊයේ (27) ගෝලීය වාර්තාවක් තැබුවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාම සමගයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වාර්තා අනුව එක්සත් ජනපදය තුළ මේ වන විට (29) කොවිඩ්-19 ආසනය වීම හේතුවෙන් මරණ 100,442ක් වාර්තා වී තිබෙනවා.

එය ගෝලීය සමස්ත මරණ සංඛ්‍යාෙවන් සියයට 30ක් බවයි සදහන් වන්නේ. එහි අර්ථය වන්නේ ඇමෙරිකාව ඍජුව මැදිහත් වූ කොරියාව, වියට්නාමය, ඉරාකය සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ වලින් මිය ඇමෙරිකානු සොල්දාදුවන් පිරිසට වඩා ඇමරිකානුවන් කොවිඩ් -19 වලින් මිය ගොස් ඇති බවයි.

ජනාධිපති ට්‍රම්ප් 2020 අප්‍රියෙල් - 17 අප්‍රේල් මාසයේ ධවල මන්දිර සාකච්ඡාවකදී මරණ අනුපාතය පෙන්වන ප්‍රස්ථාරයක් පෙන්වා දෙයි
වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති රටවල් දහය සහ එක් එක් මරණ අනුපාතය පෙන්වන වගුව.  එක්සත් ජනපදය 100,000 ක් මිය ගොස් ඇති අතර එය ජනගහනය 100,000 කට 30 කි.  බෙල්ජියමේ මරණ 9,000 ක් වාර්තා වී ඇති අතර එය ජනගහනය 100,000 කට 82 කි.  එක්සත් රාජධානියේ මරණ 37,000 ක් වාර්තා වී ඇති අතර එය ජනගහනය 100,000 කට 56 කි.
කොවිඩ්-19 ඒක පුද්ගල මරණ අනුපාතය

නමුත් ඇමෙරිකානු රජයේ වාර්තාවලට අනුව ඒක පුද්ගල පදනමක් මත එක්සත් ජනපදය සිය මරණ අනුපාතිකයේ නවවන ස්ථානයට පත්ව ඇති අතර බෙල්ජියම, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අයර්ලන්තය වැනි රටවල ඒක පුද්ගල මරණ අනුපාතය ඇමෙර්කාවට වඩා ඉදිරියෙන් සිටිනවා.

වාර්තාවලට අනුව එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව තවමත් ඉහළ යමින් පවතින අතර සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ සත්‍ය සංඛ්‍යාව වාර්තාගත සංඛ්‍යාවට වඩා වැඩි බවයි.

එක්සත් ජනපදය තුළ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 1,699,933ක් තහවුරු වී තිබෙනවා.

ජාතික චිත්‍රය කුමක්ද?

ඉතාලිය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව සඳහා 100,000 ක් සඳහා වූ මුළු පරීක්ෂණ ගණන පෙන්වන වගුව.  ඉතාලියේ ඉහළම අනුපාතය ඇති අතර එක්සත් ජනපදය පිටුපසින් සිටී.  දකුණු කොරියාවේ අනුපාතය බෙහෙවින් අඩු නමුත් එය පුපුරා යාමේ දී අනෙක් රටවල් දෙකට වඩා ඉහළ අගයක් ගනී.

රොයිටර් අධ්‍යයනයකට අනුව ඉරිදා අවසන් වන සතිය සඳහා ප්‍රාන්ත 20 ක නව රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කර තිබෙනවා. උතුරු කැරොලිනා, විස්කොන්සින් සහ ආකැන්සාස් යන ප්‍රාන්තවල රෝගීන්ගේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා වෙනවා.

චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ තදාසන්න වොෂිංටන් ඩීසී ඇතුළු අගනගර ගණනාවක ආසාදන සහ මරණ වේගවත් වර්ධනයක් පෙනුම් කරන නමුත් දැඩි ලෙස පීඩාවට පත් සමහර ප්‍රාන්තවල, එනම් නිව් යෝර්ක් ඇතුළු මරණ අනුපාතිකයේ අඩුවීමක් දක්නට ලැබෙන බව සදහන් වෙනවා.

දේශපාලන ප්‍රතිචාරය කුමක්ද?

නිව්යෝර්ක් හි දෛනික මරණ සංඛ්‍යාව එක්සත් ජනපදයේ සෙසු සංඛ්‍යාවන් හා සැසඳෙන ආකාරය දැක්වෙන සටහනක්.

එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීම ගැන දැඩි විවේචන එල්ල වන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ තම පරිපාලනය විසින් ගත් නිවැරදි තීන්දු නොවේ නම් මේ වන විට ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව ලක්ෂ 25 දක්වා ඉහළ යා හැකිව තිබූ බවයි. එනම් වත්මන් තත්ත්වය හා සසදන විට 25 ගුණයක වර්ධනයක් ගැන ඔහු සදහන් කරනවා.

මේ අතර යුරෝපයේ ද සිදු වූ ආකාරයෙන් වෛරසය මගින් සාත්තු නිවාසවලට එල්ල වී ඇති මාරාන්තික තර්ජනය කල්තියා වටහා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව ට්‍රම්ප් පරිපාලනයට දොස් පවරා තිබෙනවා. එහි අදහස වන්නේ සාත්තු නිවාසවල මරණ අනුපාතට ඉතාම ඉහළ අගයක් බවයි.

මුලදී, රිපබ්ලිකන් ජනාධිපති ට්‍රම්ප් කොවිඩ්-19 වසංගතය සෘතුමය උණ සමඟ සංසන්දනය කරමින් එය නොතකා හැරි අතර පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු කියා සිටියේ එක්සත් ජනපදයට වෛරසය පාලනය කර ඇති බවත් අප්‍රේල් වන විට එය “ආශ්චර්යමත් ලෙස පහව යා හැකි” බවත්ය.

ඔහු මරණ 50,000-60,000 ක් ද, පසුව 60,000-70,000 ක් ද, පසුව 100,000 ට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් ද පුරෝකථනය කළේය.

එක්සත් ජනපද රාජ්‍යය අනුව කොරොන වයිරස් රෝගීන් සංඛ්‍යාව පෙන්වන සිතියම.  මේ වන විට අති බහුතරය සිටින්නේ රටේ ඊසාන දෙසින් ය

ලොව වැඩිම තහවුරු කරන ලද ආසාදන සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙන් වාර්තා වීම “ගෞරවනීය ලාංඡනයක්” යැයි ට්‍රම්ප් පසුගිය දා තර්ක කළේය. “එයින් අදහස් කරන්නේ අපගේ පරීක්ෂාව වඩා හොඳ බවයි”.ඔහු සුපුරුදු උද්දච්ච ස්වරයෙන් කීවේය.

නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළි වූයේ එක්සත් ජනපදය ඉක්මණින් ක්‍රියා කළේ නම් මරණ සංඛ්‍යාව 36,000 නොඉක්මවන බවයි.

මේ අතර එක්සත් ජනපදය මරණ 100,000 වාර්තා කිරීම ගැන අතිෂය කණස්සල්ලට පත් ඩිමොක්‍රටික් ජනපති අපේක්ෂක ජෝ බිඩෙන් ඊයේ (27) විපතට පත් පවුල් වෙත සිය ශෝකය පළ කළේය.

“ඔබට ඇති වූ වේදනාව ගැන මට කනගාටුයි” හිටපු උප ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. “ජාතිය ඔබ සමඟ දුක් වෙනවා.”

ට්‍රම්ප්: ‘මම හිතුවේ එයාට එකක් තිබීම අසාමාන්‍ය දෙයක් කියලයි’

ට්‍රම්ප් පරිපාලනය අර්බුදය හැසිරවීම පිළිබඳව ද ජෝ බිඩෙන් දැඩි විවේචනයක් එල්ල කළේය. “මෙය අප ළඟා නොවිය යුතු අවාසනාවන්ත සන්ධිස්ථානයකි. එය වළක්වා ගත හැකිව තිබුණි,” ඔහු පැවසීය.

අගුළු දැමීම ලිහිල් කරන්නේ කෙසේද?

කොවිඩ් 19 වසංගතය අතරතුර ඇමරිකානුවන් මිලියන 39 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමි වී ඇති අතර රට යළි විවෘත කරන ලෙස රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

ප්‍රාන්ත 50 ම යම් ආකාරයකින් කොවිඩ් -19 නීති ලිහිල් කිරීමට පටන් ගෙන තිබේ.

මේ අතර ලොව විශාලතම විනෝද උද්‍යානය වන ෆ්ලොරිඩාවේ වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් සමාගම කියා සිටියේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා එයට ඉඩ දෙන්නේ නම් ජූලි 11 වන දින විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.

එම්ජීඑම් රිසෝර්ට්ස් සතු ලාස් වේගාස් කැසිනෝ ශාලා හතරක් ද ජූලි 4 වන දින නැවත විවෘත කිරීමට නියමිත අතර එම සමාගම පවසන්නේ සේවකයින් කොවිඩ් -19 සඳහා නිතිපතා පරීක්‍ෂා කරන බවයි.

දැනට, කොවිඩ් -19 සඳහා එන්නතක් නොමැත. රෝගය සඳහා ස්ථිර ප්‍රතිකාරයක් ද නොමැත, නමුත් පරීක්ෂණ කිහිපයක් තිබේ. මේ මාසයේ පවත්වන ලද AP-NORC මත විමසුමකට අනුව, ඇමරිකානුවන්ගෙන් 49% ක් කියා සිටියේ කොවිඩ්-19 සදහා එන්නතක් සොයා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts