Covid-19 Update: අදත් නව ආසාදිතයින් 05ක් – මුළු ගණන 238ක්

Spread the love

අද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 05 දෙනකු හමු වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 238 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් අද දින ප.ව 22.04ට යාවත්කාලීන කළ වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව168 දෙනකු බවත් දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 144 දෙනකු බවත්ය. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 63 දෙනකු වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් 07ක ස්ථාවර මට්ටමේ පවතී.

RSL

Related Posts