Covid-19 Today Update: ලංකාවේ ඊයෙත් නව ආසාදිතයින් 11ක් – ගෝලීය මරණ සංඛ්‍යාව 274,898ක්
- RSL
- May 9, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
Covid-19 ආසාදිතයින් 11 දෙනකු ඊයේ (8) වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (9) දින පෙ.ව 06.05 වන විට 835 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ කොවිඩ්-19 තත්ත්ව වාර්තාවේ සදහන් වෙයි.
ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586ක් වන අතර නිමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 135කි. 240 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 09කි.

මේ අතර ගෝලීය කොවිඩ්-19 ආසාදිතයින් ගැන නිල වාර්තාව ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව ඊයේ දිනය අවසාන වන විට ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,938,080ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 274,898කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 77,180ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 1,283,929කි.

