Covid-19 Today Hot: රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා මරණ 2ක්
- RSL
- January 4, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 කි. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 467 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 41,498 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 261 ක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 16 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.


