Covid-19 Local Update: තවත් ආසාදිතයින් 17ක් හමුවීම සමග මුළු සංඛ්‍යාව 1085ට නගී

Spread the love

අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 17 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ප.ව 17.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. එහි දැක්වෙන්නේ අද දිනය වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් මුළු සංඛ්‍යාව 1085ක් බවයි.

ඒ අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 416ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 101ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 660ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

RSL

Related Posts