Covid-19 Local Hot: අදත් නව ආසාදිතයින් 20ක් – මුළු ආසාදිතයින් 889න් 428ක් නාවික හමුදාවෙන්
- RSL
- May 12, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
අද (12) දින ප.ව 23.05 වන විට කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 884 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මේ වන විට රෝගීව් 509 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 117ක දෙනෙක් විමර්ශනය යටතේ පසුවන බවයි. මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 366ක්.
මේ අතර අද (12) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ අද (12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි (Chennai) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 320 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. එසේ පැමිණි සියළු දෙනා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලද බව ද එම මාධ්‍ය නිවේදනයේ සදහන්.
එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙනවා.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (50), පම්පේමඩු (32), හොටෙල් ඩොල්ෆින් (11) සහ නච්චිකුඩා (28) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 121 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද (12) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.
ඒ අනුව, අද (12) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 7515 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.
එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 3701 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.
නාවික හමුදාව තුළ අද (12) දිනය වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 428 ක් වන අතර ඉන් 41 දෙනෙකු PCR පරික්ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 387 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

