Covid-19 Global Hpot: ඉන්දියාවේ රැල්ල නවතී
- RSL
- October 14, 2020
- පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
COVID-19 ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයකින් සොයා ගැනීමේ ක්‍රමවේදයක්

යම් පුද්ගලයෙක් කොරෝනා වයිරස ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයක් මගින් සොයා ගැනීමේ ක්‍රමවේදයක් ප්‍රංශ පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.
ප්‍රංශ පර්යේෂණ කණ්ඩායම් විසින් සොයා ගත් ඊසී කොව් නම් වූ මෙම නව ක්‍රමවේදය මගින් ඛේට සාම්පලයක් ලබාගෙන විනාඩි හතලිහක් වැනි කාලයක් තුලදී අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු දැයි සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඕනෑම ස්ථානයකදී මෙම පරීක්ෂාව කරගත හැකිවීම විශේෂත්වයක්. මෙම ක්‍රමවේදය ප්‍රංශ සෞඛ්‍ය නියාමන අංශයන්හි අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
වයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට මෙතෙක් භාවිත කළ ක්‍රමවේදය යම් තරමක අපහසුතාවයක් ඇති කරවන ක්‍රියාවලියක් බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ.
Covid-19 පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 12ක්

සංවර්ධනය වෙමින් පවතින රටවල Covid-19 එන්නත සදහා ඇමෙරිකා ඩොලර් බිලියන දොළහක මුදලක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත්ව සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල බිලියනයක පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම මුදල් ලබා දීමට පියවර ගත් බවයි ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ.
Covid-19 සදහා වූ පරීක්ෂණ ඖෂධ සහ එන්නත් සදහා වූ පර්යේෂණ කටයුතු සදහා මෙම මුදල් වැය කිරීමට නියමිතව තිබෙනවා.
2021 වසර සදහා ලෝක බැංකුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන එකසිය හැටක මුදලක් ලබාදීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන Covid-19 ආසාදිතයන් සංඛ්‍යාවේ යම් තරමක අඩුවක්

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව යම් තරමක අඩුවක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.
මාස දෙකකින් පසු සටහන් වන අවම අගයන් ලෙසයි එම සංඛ්‍යා දැක්වෙන්නේ. එමෙන්ම දෛනික මරණ සංඛ්‍යාවේද තරමක අඩුවක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 63,517ක්. මරණ සංඛ්‍යාව 723ක්. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7,237,082ක් ලෙසයි සඳහන් වන්නේ.

