Covid-19: සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කරුණු දක්වයි
- RSL
- October 20, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිතව ආසාදිතයින් ව්‍යාප්තවීම සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද පියවරයන් පිළිබදව කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ශ්‍රිධරන් මහතා මාධ්‍ය වෙත මෙසේ කරුණු දක්වයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා –
“මිනුවන්ගොඩ ඇගළුම් ශාලාව කේන්ද්‍ර කරගෙන පසුගිය 04 වන දා මතු වූ කොවිඩ් පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 2222 ක් හදුනාගෙන තිබෙනවා. මෙයට හේතු වී තිබෙන්නේ ඔවුන් රැකියා කරන ස්ථානත්, ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථානවල ස්වභාවය සහ මොවුන්ගේ හැසිරීමේ ස්වභාවයි. ඉදිරියේ එන අභියෝග වලට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස අපි පෙර සූදානමකින් මේ වනවිට පසුවෙනවා. දෛනිකව සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම අමාත්‍යාංශය තුල ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. …..”
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ශ්‍රිධරන් මහතාගේ කථාවේ ඇතුළත් දත්ත අනුව
- මේ වනවිට තහවුරු කළ කොරෝනා රෝගීන් මුළු සංඛ්‍යාව – 5685
- සුවපත් වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව – 3457
- අද පස්වරුව වන විට රෝහල්ගත කර ඇති කොරොනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව -329
- පී.සී.ආර් පරීක්ෂණාගාර – 24
- මේ වනවිට සිදුකර ඇති පී.සී.ආර් පරික්ෂණ සංඛ්‍යාව – 398,196 ( තුන්ලක්ෂ අනූඅටදාස් එකසිය අනූහයයි)
- මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන – 21
- නිරෝධායන මධ්‍යස්ථානවල පසුවන ප්‍රමාණය – 7295 ක් වේ.

