Covid-19: සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟයීමක්
- RSL
- October 23, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රට තුළ මේ වනවිට පවතින වර්ධනය වෙමින් පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
මෙහිදී වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේද සදහන් කළේය
“මේ වනවිට රට තුළ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය කිසිසේත් සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි තත්ත්වයක් නොවෙයි. ඒත් මේ මොහොතේ සමාජයටත් සුවිශාල වගකීමක් මෙන්ම වගවීමක් ද තිබෙනවා. අපි අවධාරණය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හොඳටෝම ඇති මේක උඩුයටිකුරු කරලා අයහපත් තත්ත්වයකට මුළු රටම හරවන්න. ඒ නිසා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදීම කාගෙත් වගකීමක් “
මෙහිදී අදහස් දැක්වූ පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සදහන් කළේ ෙසෑම කර්මාන්ත ශාලාවක් සඳහාම කොවිඩ් වැළැක්වීම, සේවක සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීම සඳහා නිලධාරියෙකු වෙනම පත්කරන ලෙස කර්මාන්ත කළමනාකාරීත්වයට පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශය නිර්දේශ කරලා තිබෙන බවයි.
‘අදාළ නිලධාරියාගේ නම, දුරකථන අංක ඇතුළු අනෙකුත් විස්තර කර්මාන්ත ශාලාව පිහිටා ඇති ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හරහා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. යම් රෝග ලක්ෂණ පෙන්නුම්කරන සේවක සේවිකාවක් සිටි නම් ඔවුන්ගේ විස්තර ලේඛනගත කරලා දෛනිකව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත යැවිය යුතුයි,”

