Covid 19 : ශ්‍රී ලංකාවෙන් දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි
- RSL
- March 30, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නව කොරෝන වෛරසය ආසදනය වීමෙන් මිය ගිය දෙවැනි පුද්ගලයා අද (30) සවස මීගමුව රෝහලෙන් වාර්තා වුණා. නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කළා.
මිය ගිය පුද්ගලයා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙක් බවයි රෝහල් අධ්‍යකෂවරයා සදහන් කළේ. ඔහු හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
මේ අනුව කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 02 දෙදෙනකු මේ වන විට ශ්‍රී ලංකාව තුළදී මිය ගොස් තිබෙනවා.
අද (30) දින සවස වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 122 දක්වා වර්ධනය වූ බව මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

