Covid-19 වෛරසය පවතින තැනක් ගැන තවත් හෙළිදරව්වක්
- RSL
- November 18, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මලාපවහන පද්ධතිය තුළ ද කොවිඩ් -19 වෛරසය පැවතිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා මේ බව හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සුදත් සමරවීර මහතා, “විශේෂයෙන් මලාපවහන පද්ධතිය තුළ මෙම වෛරසය තියෙනවා කියන එක මීට කලින් ඉඳන්ම වෛද්‍ය ප්‍රජාව දන්නවා. ඒ වගේම තමයි පුද්ගලයන් විසින් පිටකරන මෙම දේ යම්කිසි විදිහකින් ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළින් ඒ තැන්වල වෛරසය හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. මේ වෛරසය හැසිරීම පිළිබඳව තවමත් තියෙන්නේ අධ්‍යයන මට්ටමේ. ඉතින් අද මේ කියන කාරණා හෙට සමහරවිට වෙනස් වෙන්න පුළුවන් අලුත් සාධකත් එක්ක,”

