Covid-19: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 ඉක්මවා යයි
- RSL
- October 13, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව අද (13) දිනය අවසන් වන විට 5,038ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට 1,697 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ අතර අද (13) සවස 20.50ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයින් 145 දෙනකු වාර්තා වූ බවයි.
මෙම පිරිසෙන් 48 දෙනකු මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවය කළ සේවක සේවිකාවන් අතරින් ද 97 දෙනකු ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බව ද එම වාර්තා වේ වැඩි දුරටත් සදහන් වේ. සමස්තයක් ලෙස මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව අද දිනය අවසන් වන විට 1446ක් දක්වා වර්ධනය වූ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

