Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව නව තීන්දු රැසක් ගනී
- RSL
- November 11, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (11) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.
මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.
මෙහිදී’,
- කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.
- ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
- කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාම.
- රෝගීන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටළු හදුනා ගනිමින් ඔවුන්ගේ මානසික තත්ත්වයන් ඉහළ නංවමින් ඔවුන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරිම
යන කරුණු පිළිබද ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය විය.
එමෙන්ම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ (Online) රෝහල් කාර්ය මණ්ඩලය කොවිඩ් වෛරසය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබදව ද බස්නාහිර පළාත තුල ඇදිරිනීතිය ලිහිල් කිරිමට රජය කටයුතු කිරිමත් සමග ඉදිරි කාලය තුල දී COVID -19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමේ දී ඇතිවන ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණදිමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබද සාකච්ඡා විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

